(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
තම පුතු විසින් එල්ල කළ පහරදීමකින් 54 වන වියේ පසුවන පියෙකු ඔවුන් පදිංචි නිවස තුළදීම ඊයේ (30) රාත්‍රි මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ආඩිගම පෙරියමඩුව ප්‍රදේශයේ විසු මිරියාගම කංකානමලාගේ ධර්මසිරි (54) නමැති දෙදරු පියෙකි.
මෙම මරණ සම්බන්ධයෙන් ඔහුගේ 31 වන වියේ පසුවන පුතෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
සැකකාර පුතා මෙයට මාසයකට පමණ පෙර විවාහ ජිවිතයකට ඇතුළත්ව ඇති බවත් ඔවුන් සියළු දෙනාම එකම නිවසකට වාසය කර ඇති අතර ඊයේ (30) රාත්‍රි පිය පුතු අතර ඇති වු බහින්බස් වීමකින් අනතුරුව කෝපයට පත් පුතා තම ඉන බදින පටියකින් තම පියාට අමානුෂික ලෙසින් පහර දුන් අතර එම පහරවැදි බිම වැටුණ පියා එම ස්ථානයේදීම මිය ගොස් ඇතිබව පොලිස් පරික්ෂණවලදී හෙළි වු බවත් කියයි.
ආනමඩුව අධිකරණය මගින් සිදු කරණු ලබන මහේස්ත්‍රාත් පරික්ෂණයකින් පසු සිරුර පශ්චාත් වෛද්‍ය පරික්ෂණයක් සදහා අද (31) ගෙන යාමට පියවර ගෙන ඇති බවත් කියයි. ආනමඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
COMMENTS
පුතේ නුඹේ පියා නේද ඒ?! ඔහු ඔබට වෙර නොකරනු ඇත. නමුත් ඔබට පින් මදි ඇති එවන් පියෙකු යලි ලබන්න .
ආනන්තරිය පාප කර්මයෙකි මේ පුතා මරණින් පසු අවීචි මහා නරකාදියේ කල්ප කාලාන්තරයක් දුක් විඳීම අනිවාර්ය වේ.
බණ දේශනා කරන්න ඉස්සෙල්ලා හොලය බලන්න ඇත්තටම මොකද වුනෙ කියල. පුතා ලගදි විවාහ වෙලා තියෙන්නෙ. තරුණ කාන්තාවක්. තුන්දෙනාම ඉන්නෙ එකම ගෙදර. අද සමහර තාතතල ඉන්නව තමන්ගෙ දුවත් දූෂණය කරන, මැරුවට නෙවෙයි හිටුවා පස් ගැහුවත් පවු නැති. ඉතින් මෙතන කොච්චර දේවල් වෙන්න පුළුවන්ද? ඒක නිසා ඔය අභිධර්ම පොත පෙරලගෙන ධර්ම දේශනාව පටන්ගන්න ඉස්සෙල්ලා ටිකක් හිතල බලන්න.
මෙවැනි අපරාධ වලට මුල, නුගත් කමින් තමන්ගේ හිත පාලනය කර ගත නොහැකි වීමයි.
මා මෙහි සදහන් කලේ අනිච්චයි දුක්කයි අනත්තයි කියයි එයයි නිවැරදි බුද්ධ දේශනාව නමුත් අනිත්‍යයි දුකයි අනාත්මයි යනුවෙන් වැරදි ලෙස අර්තදක්වා ඇත.