(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පියකු සහ පුතකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව පුතා එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මරණයට පත්ව ඇතැයි බේරුවල පොලිසිය කියයි
සිද්ධියෙන් මරුමුවට පත්වී ඇත්තේ 69 හැවිරිදි සිවුදරු පියෙකි
නිවසේ පවත්වාගෙන යන ලී මෝලකින් ලැබිය යුතු මුදල් නොලැබීම පිළිබඳ ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුවී ඇති බව මූලික විමර්ශනවල දී හෙළි වූ බව පොලිස් නිළධාරියෙක් පැවසීය
විසි නව හැවිරිදි සැකකාර පුතා පහර දීමට යොදා ගත් යකඩ පොල්ල සමග අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd