
(සුමිත් ප්‍රේමතිලක)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට පිළියන්දල දී වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ මාකදුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන පොඩි පැටී නැමැත්තා අද අලුයම ජීව අත් බෝම්බයක්, ගිනි අවියක් සහ උණ්ඩ 5 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි .
කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී .එල්.ඒ. නයනජිත් මහතාට ලද තොරතුරක් මත , වැලිපැන්න, කුරුඳුවත්ත මීගම පාරෙදි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේන් පසු අසල කැලෑවක සඟවා තිබූ ජීව බෝම්බය, ගිනිඅවිය සහ පතුරම් සොයාගත් බව පොලිසිය කීය.
"පොඩි පැටි" නැමැති 29 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු වූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු ගිනි අවිය සහ ජීව බෝම්බය කිසියම් පුද්ගලයකුට ලබාදීමට යමින් සිට ඇති බව ද පොලිසිය පවසයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අහුවෙන්නේත් ආයුධ එක්ක. මැරෙන්නේත් ආයුධ එක්ක. හැබැයි අර්ජුන් මහේන්ද්‍ර රටින් පනිනකල් අල්ලගන්න බැරි වුණා. සතියක් විතර රවී හෙව්වා. අනේ අනිච්චං..
‘‘පොඩි පැටී‘‘ අල්ලයි? වසර කීයකට පස්සේද අල්ලන්නේ..? මේ කාලය තුළ මනුෂ්‍ය ඝාතන කොපමණ කර ඇතිද? මොහුගේ පාපොච්චාරණය ලබා නොදෙන්නේ ඇයි..? ලංකාවේ ඔහොම තමයි...
ඊළඟ නිවුස් එක, තවත් සැඟවුණු ආයුධ පෙන්වන්නට අරන් යද්දී වෙඩි හුවමාරුවක් වෙලා මරණයට පත්වෙනවා... එහෙම නැතිනම් පොලිස් අත්අඩංගුවේ සිට පැන යන්න හැදුවා. ඔන්න ඔහොමයි ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ...
පොඩි පැටිස් මල්ලී... අපි ඔබ සමගයි...
අල්ල ගත්තා නම් තවත් බලබලා ඉන්නේ ඇයි? පහුගිය කාලේ සිද්ද වෙච්චි දේවල් දිහා බැලුවාම ඇප දීලා නිදොස් කොට, නිදහස් කරාවිද කියලා කවුද දන්නේ...?