IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පීඩාවට පත් දැරියකට වෙනත් පාසලක් දෙන්නැයි ළමා ආරක්ෂක අධිකාරිය කියයි

(බිඟුන් මේනක ගමගේ)
 
කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක විවිධ නොසලකාහැරීම්වලට ලක් වූ බව කියන දැරියකට සුදුසු වෙනත් පාසලක් ලබාදීමට මැදිහත්වන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ඇත. 
 
මෙසේ නොසලකාහැරීමට ලක්වීමට හේතුව ලෙස එහි දක්වා ඇත්තේ එම පාසලේම උගැන් වූ දැරියගේ මව පිළිකා රෝගය වැළඳීම හේතුවෙන් එම පාසලෙන් ඉවත්කිරීමෙන් උද්ගත වූ තත්ත්වයක් යැයි ද මෙම ඉල්ලීම කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට යොමු කරන ලද ලිපියක දැක්වේ.
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම ඉල්ලීම කර ඇත්තේ සිදුවීම සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයකින් අනතුරුවය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද එම දැරිවියට අධ්‍යාපනයට සුදුසු වෙනත් පාසලක් ලබාදීමට කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශට පසුගිය දා නිර්දේශ කළේය.
 
දැරිය පසුවන තත්ත්වය සලකා ඇයට සුදුසු පාසලක් ලබාදීමට මැදිහත්වන්නැයි ද අදාළ බාලිකා විදුහලේ පරිපාලනයට සිදුවීම ගැන වාර්තාවක් ලබන 12 වැනිදා වන විට මානව හිමිකම් කොමිසමට ලබාදෙන්නැයි මින් පෙර කළ නියෝගය නැවත සිහිකැඳවන්නැයිද මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට එහිදී වැඩිදුරටත් දන්වා තිබිණි. 
 
අදාළ දැරිය තවමත් පාසල් නොයන බව ඇයගේ මව පැවසුවාය. 



අදහස් (1)

පීඩාවට පත් දැරියකට වෙනත් පාසලක් දෙන්නැයි ළමා ආරක්ෂක අධිකාරිය කියයි

sisira Monday, 22 October 2018 07:30 AM

ඇමතිතුමාට ගුරු සංගම් කෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 202 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site