(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ ඇත.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාඨලී චම්පික රණවක මහතාට මෙසේ කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණියේය.

මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මන්ත්‍රීවරු වන කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා,  මනුෂ නානායක්කාර, නලින් බණ්ඩාර සහ නීතීඥ ශිරාල් ලක්තිලක යන මහත්වරු ද පැමිණ සිටියහ

අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුව පත්ව ඇති අසරණභාවය මෙම කටයුතු තුළින් පෙනී යන බවයි.

අමාත්‍යාංශය සිදුකළ ප්‍රවර්ධන වැඩසටහනකට අදාළව කරුණු විමසීම සඳහා බව කියමින් තමා කැඳවා ඇති බවත්, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ෂණය කිරීමේ ජනාධිපති කොමිසමේදී තමන් දුන් සාක්ෂිය හමුවේ කටඋත්තර නොමැති වී සිටින ආණ්ඩුව දේශපාලන දඩයම් තුළින් ප්‍රශ්නය වෙනතකට යොමුකිරීමට උත්සාහ කරන බවත් පාඨලී චම්පික රණවක මහතා කීවේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)


 (ඡායාරූප: පාඨලී චම්පික මහතාගේ මාධ්‍ය අංශය)