IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘පාඨලී අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවීරෝධීයි’

(නිමල කොඩිතුවක්කු)

පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන්  වත්මන් ආණ්ඩවේ ඒකාධිපති, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වැඩපිළිවෙළ පැහැදිලි වන බවත් මහජන නියෝජිතයන් ලෙස ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ දැඩි ලෙස හෙළා දකින බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ පළාත් පාළන නියෝජිතයන්ගේ සංසදය  කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අද (22) පැවසීය.

පාට, පක්ෂ බේදයකින් තොරව ආණ්ඩුවේ මෙම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී මර්දනකාරී වැඩපිළිවළෙට එරෙහිවන ලෙසට   දිවයින පුරා සිටින පළාත් පාලන නියෝජිතයන්ට ආරාධනා කරන බවත්  එම සංසදයේ නියෝජිතයන් සඳහන් කළේය.

බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේ දී මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර එහිදී අදහස් දැක්වූ  බොරලැස්ගමුව නාගරික මන්ත‍්‍රී බන්දුල චන්ද්‍රසේකර මහතා මෙසේද කීය.

‘‘මම පාඨලී චම්පික රණවක මහතා හඳුනන්නේ විශ්ව විද්‍යාල ශිශ්‍යයකු අවදියේ සිටයි.  ඔහු මන්ත‍්‍රීවරයකු, ඇමතිවරයකු වීමට පෙර සිටම වංචාවට, දූෂනයට, මර්දනයට, ඝාතනයට එරෙහිවත් සමාජ සාධාරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කළා. මේ නිසා ඒ කාළෙත් එතුමන්ට විවිධ තාඩන පීඩන වලට මුහුණ දීමටත් හිරේ විලංගුවේ වැටීමටත් සිදුවුණා.

එතුමා මොන ආණ්ඩුවක මොන තනතුරු දැරුවත් වංචාවට දූෂණවලට විරුද්ධව හඬ නැගුවා.  පසුගිය රජයේ සිටිමින් බැඳුම්කර වංචාවට එරෙහිව සටන් කළා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේත්, රාජපක්ෂ පවුලේත්  වංචා දූෂණ කරුණු සහිතව හෙළි කරමින් කටයුතු කිරීමට එතුමන් කටයුතු කළා.  මේ නිසාම  රාජපක්ෂවරුන්ට සිටි ලොකුම හිසරදය බවටත් පාඨලී චම්පික රණවක මහතා පත්වුණා.

මේ නිසා ඉදිරි මැතිවරණවලදී චම්පික රණවක මහතා දේශපාලනික වශයෙන් නිහඬ කිරීම  අද ආණ්ඩුවේ ලොකුම අපේක්ෂාව බවට පත්ව තිබෙනවා. එතුමන් සිරගත කරලා, වැරදි චෝදනා කරමින් අද වනවිට ඒ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා.

අධිකරණය විසින් නඩු අහලා තීන්දු දීපු නඩුවක් නැවත අරගෙන කරන මේ මර්දනය අපි හෙළා දකිනවා.  විපක්ෂයේ සිටින ප‍්‍රබල නායකයින්  සිරගත කරලා විරුද්ධ  පක්ෂය දුබල කරලා ඉදිරි මැතිවරණවලදී  තුනෙන් දෙකක බලයක් ලබාගෙන  නැවතත් ඒකාධිපති ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී  රටක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. එයට විරුද්ධ වන ලෙසට අපි සියලූම මහජන නියෝජිතයන්ට ආරාධනා කර සිටිනවා’’  යැයිද ඔහු එහිදී පැවසීය.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

‘පාඨලී අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවීරෝධීයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site