(නිමල කොඩිතුවක්කු)
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුව දුක් විමසා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් අද (20) පස්වරුවේ එහි ගියහ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ආංශු මාරසිංහ, සිඞ්නි ජයරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පාඨලී චම්පික රණවක මහතාගේ සුව දුක් විමසා බැලීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා මෙසේ පැවසීය.
‘‘චම්පික රණවක මහතා මුණ ගැසී අපි සාකච්ඡා කළා. විශේෂයෙන්ම දින කිහිපයකට පෙර අධිකරණයට දැනුම් දුන්නා මන්ත‍්‍රීතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ කියලා. ඊට පස්සෙ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය කඩ කරලා අත්අඩංගුවට ගත්තයින් පස්සෙ විතරයි කතානායකතුමන්ට මේ ගැන දැනුම් දුන්නේ.
පක්ෂ නායකයින් මේ ගැන කථානායකතුමන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පාඨලී චම්පික රණවක මහතා රාත‍්‍රීයේ අත්අඩංගුවට ගැනීමේ හේතුවක් නැහැ. ප‍්‍රශ්නයක් තිබුණා නම් එතුමන්ට උදේ වරුවේ එන්න කියන්න තිබුණා. මේවා විශාල ප‍්‍රශ්න විදියට අපි දකිනවා.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කලේ හරියට වැඩ කළානම් හොරුන්ගෙන් බැටකන්න වෙන්නේ නෑ. ඩීල් දැම්මම ඔහොම තමයි.
අපි අවුරුදු 5ක් මේ වගේම පින්තූර සහ ප්‍රවෘත්ති දැක්කා. දැන් වෙනස මූණු ටික විතරයි. ප්‍රශ්න වලින් පැනලා යන්න. මිනිස්සුන්ගේ අවධානය වෙන අතකට යොමු කරන්න කියාපු බෙහෙත... අනේ ඇත්තට ලංකාව කවද්ද මේ විහිළු දේශපාලනයෙන් ඉවත් වෙලා ජාතියක් විදිහට ඉස්සරහට යන්නේ? අවුරුදු 70ක් පුරා වගේම මේ පාරත් එකම අච්චුවේ පාලකයෙක් තමාපත් කරගත්තේ... එකම වෙනස ඡන්දෙන් පස්සේ මනුෂ්‍යයින් අතරට දඩයම් හොයායන වෘකයිනුත් එළිබැහැලා ඉන්න එක...
තමන්ගේ අතින් බත් ඩිංගක් යසට අනලා කන්ට බැරි වෙන තරමට, වැසිකිළි ගියාම තමන්ටම ඒ පිරිසිදු කටයුතු කරගන්ට බැරි තරමට, ඉගෙන ගත්තු තමන්ට පෙලවහක් හීනයක් වෙන තරමට, පවුලේ එකම දරුවා හැටියට අම්මා, තාත්තා වියපත් වූ දවස ඒ යුතුකම් ඉෂ්ඨ කරන්ට බැරි තරමට, තරුණ කොල්ලෙක්ගේ ජීවිතයම විනාශ කරලා, සුදු ඇඳගෙන ඒ අපරාධය වහන් කරන්න කටයුතු කරපු මේ වාගේ අයට උපරිම දඬුවම් ලබා දෙන්න. ගරු නීතිපතිතුමනි, පුරවැසියෙක් හැටියට මාගේ ගෞරවනීය උත්තමාචාරය ඔබතුමාණන්ට පුදකර සිටින්නෙමි...!!!
සියලුම නායකයින්ට හොඳ පාඩම්.. ලෝකයේ රටවල්වල වැරදි කරන්නේ ජනතාව. ඒ නිසානේ නායකයින් බිහිකරන්නේ පාලනයට... නමුත් අපේ රටේ වැරදි කරන්නේ නායකයින්... නීතිය පොඩිමිනිහට පමණයි. ප්‍රධාන පක්ෂ දෙකේම නායකයින්... හිරගෙදර ඉන්න ඕනෑ වෙලාවක්. නමුත් එහෙම කරන්න නීතියක් නැහැ. අපි හොඳයි කියලා දෙගොල්ලන්ටම කියන්න බැහැ. ජනතාවට පුළුවන් මේ සේරම හොරු, මිනමරුවෝ එළවන්න. නමුත් ඒක වෙන්න කල් යයි. මේවා සංදර්ශන පමණයි. නීතියක් නැහැ. මෙතන ලකුණු ගැනීමක් පමණයි. හෙට චම්පික එළියට, රාජිත ඇතුළට ඔය විදියට සේරම විසිට් කරලා එයි නඩු නැහැ. අපි සේරමලා ඇතුළට දැම්මා කියයි... ඕකද නීතිය?
හරි හරි, දැන් ඉතින් ඔබතුමාත් ගිහිල්ලා ඉන්න තැනක් හොයාගන්න. රට නැත්තටම නැති කළාට ඔහොම වෙලා මදි. ආගම විකුණලා දේශපාලනයට ඇවිල්ලා කරපුවා, කියපුවා ප්‍රතිඵල තමයි ඔය තියෙන්නේ. රටයි, ආගමයි, රකින්න ඇවිල්ලා තියෙන ඒවා ඔක්කොම නැති කළා. කරන, කියන දේ අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ...
විත්ති පක්ෂයේ වෙනුවෙන්ද පැමිණිලි පක්ෂය වෙනුවෙන්ද බලන්න ගියේ....?
සුවදුක් බැලිය යුත්තේ අර හප්පපු ළමයාගෙයි මානසිකව විඳවන පවුලේ උදවියගෙයි...
මෙය ඉතාම කාලෝචිත වැදගත් තීරණයකි. රනිල් මැතිතුමා පමණක් නොව, පාඨලී චම්පික රණවක මැතිතුමා සමග පසුගිය වසර කිහිපය තුළ එකාමෙන් රට වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන් සේවය කළ සියලු දෙනාම එතුමාගේ සුවදුක් සොයා බැලීම සඳහා බන්ධනාගාරයට යාමේ කිසිම ප්‍රශ්නයක් නැත.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් සමඟ දකුණු ඉන්දියාවේ "ඌටි" වෙත යන්න සුදානම් වෙන බව ආරංචියි. ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන "ද හින්දු" මාධ්‍ය සමූහයේ හිමිකරු වන එන්.රාම් මහතාගේ ආරාධනයකට අනුව මෙම ඉන්දීය සංචාරය සිදුවන අතර ඔහුට අයත් නිවසක ඔවුන් විවේකි කාලය ගත කරන බව සඳහන් වෙනවා. කොහොම වුණත් මහබැංකු ජරමරේට හොයන අර්ජුන මහේන්ද්‍රන් දැනට සිංගප්පූරුවෙත් හොයාගන්න නැති බවට කතාවක් පැතිරෙන අස්සේ ආණ්ඩුවෙන් සූදානම් කර තියෙනවාය කියන "අර නම් ලැයිස්තුවේ" රාජිත සේනාරත්නගේ නමට යටින් තියෙන්නේ මෙතුමාගේ නම නිසා මේවගේ ගමනක් සූදානම් කරලා වත්ද කියලත් සමහරු ප්‍රශ්න කරනවා...