(නිමන්ති රණසිංහ)
“නැනෝ පොහොර ගෙන්වීමේ දි අමාත්‍යවරයකුගේ සාක්කුවට රුපියල් මිලියන 8000 මුදලක් ගිහින්” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරනු ලැබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව බැංකු ගිණුම් තුනක් පිළිබද බැංකු වාර්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා මහජන බැංකුව සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ කොළඹ ශාඛාවට නියෝගයක් නිකුත් කළේය.
පොහොර සංස්ථාවේ ගිණුම හිමි මහජන බැංකුවේ කොළඹ පුරහල ශාඛාව, ඉන්දියන් රාජ්‍ය බැංකුවේ කොළඹ ශාඛාව සහ අදාළ පොහොර ගෙන්වූ බව කියන සමාගමට අයත් මහජන බැංකුවේ ගිණුම යන ගිණුම් තුනට අදාළ බැංකු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් විණී.
මෙම සිද්ධිය පිළිබදව සිදුකරන විමර්ශනයට අදාළව එම බැංකු ගිණුම් සම්බන්ධයෙන් වන වාර්තා ලබා ගත යුතුව ඇති බැවින් අදාළ නියෝග නිකුත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිදු කරන ලද මෙම ප්‍රකාශයේ අසත්‍ය කරුණු අන්තර්ගත බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් 2021 වසරේ නොවැම්බර් මස 24 වැනිදාය.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාඨලීගේ ප්‍රකාශයට බැංකු වාර්තාවක් ඉල්ලයි