(මන‍ෙප්‍රිය ගුණසේකර )

රිය අනතුරක් කර පලා යාම අන් අයකු වෙනුවෙන් පෙනී සිටීම සහ අපරාධ නඩුවක තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඔහුගේ රියදුරාට සහ වැලිකඩ පොලිසියේ  හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුව ලබන 30 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහත අද  තීරණය කළේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා අනතුරෙන් තුවාල ලැබූ සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා ඇතුළු සාක්කිකරුවන් හය දෙනකුට එදින අධිකරණයේ පෙනී පෙනීසිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය .