IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පිට පළාත්වල සිට කොළඹට දුම්රිය ගමන් වාර හතක්

(නිමල කොඩිතුවක්කු)

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පලාත් වල සිට දුම්රිය හතක් හෙට දිනයේ කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට නියමිත බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව මහව සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රිය ගමන් වාරයක් ද, මහනුවර සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 02 ක් ද, බෙලිඅත්ත සිට කොළඹ මරදාන දක්වා එක් දුම්රියක් ද, ගාල්ල සිට කොළඹ මරදාන දක්වා එක් දුම්රිය ක් ද , හලාවත සිට කොළඹ කොටුව දක්වා ද එක් දුම්රියක් ද රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා එක් ගමන් වාරයක් ලෙස ද ධාවනය එක් කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් එම දුම්රිය සීමා ලබා ගන්නා ලෙස මඟින් ජනතාවගෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් සෙනෙවිරත්න මහතා කියා සිටියේය. මෙයට අමතරව බස්නාහිර පළාත තුල දුම්රිය ගමන් වාර 102 ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගම්පහ සහ රාගම සිට ගමන් වාර 36 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම, කළුතර දකුණ, පානදුර, මොරටුව සහ ගල්කිස්ස සිට ගමන් වාර 40 ක් ද, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල, කොස්ගම සහ පාදුක්ක සිට ගමන් වාර 10 ක් ද, පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ සහ මීගමුව සිට ගමන් වාර 16 ක් වශයෙන් උදෑසන කොළඹ කොටුව හා මරදානවෙත ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව සෙනෙවිරත්න මහතා පැවසීය

මෙයට අමතරව සෙසු පළාත් අතරත් දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය වන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (0)

පිට පළාත්වල සිට කොළඹට දුම්රිය ගමන් වාර හතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 562 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site