(විනීතා එම් ගමගේ)
චීනවරායේ සිට සීදූවේ ප්‍රීමා පිටි කම්හල දක්වා දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙලෙහි නියාමක ගමන්වාරය ඇරඹුණු ඉකුත් 12 වැනිදා කොළඹට පැමිණීමට පිටත් වූ පිටි සහිත දුම්රිය රියදුරකු නැතිකමින් පැය තුනක් තිස්සේ මහව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බව වාර්තා වේ.
මහව සිට එම දුම්රිය ගෙන යාමට නියමිතව සිටි දුම්රිය රියදුරු ඊට පෙරදින සමාගම විසින් සංවිධානය කළ සාදයකට සහභාගී වීමෙන් මේ තත්ත්වය උදා වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි'
එම ව්‍යාපෘතියේ නියාමක ගමන් වාරයන් යෑම දුම්රිය නියාමක සංගමය මුල් අවස්ථාවේ දී ප්‍රතික්ෂේප කළ පසුව අදාළ සමාගම සමඟ කළ සාකච්ඡාවකින් පසු එම සංගමය මෙම ව්‍යාපෘතියට කැමැත්ත පළ කර තිබේ'
එලෙස කැමැත්ත පළ කිරිමෙන් පසුව 11 වැනිදා දුම්රිය නියාමක සංගමයේ පිරිසක් හා දුම්රිය රියැදුරන් පිරිසක් ත්‍රිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී සාදයකට සහභාගි වී ඇති අතර දුම්රිය ප්‍රමාදයට හේතු වූයේ ද එම සාදයට අදාළ දුම්රියේ රියැදුරු ද සහභාගී වී තිබීම නිසා යැයි පැවැසේ.
මෙම පිරිස නිලවෙලි හෝටලයට ගොස් ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අයත් රථයක් හා කැබ් රථයකින් බවද වාර්තා වේ.
මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතැයි ද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
තම අයිතිවාසිකම් වෙනුවෙන්ම අර වර්ජන, මේ වර්ජන වලට ලවක් දෙවක් නැතිව කෑමොර දෙන පිංවත් උදවියට මේ මොකද වුනේ...?
ඉන්න හිතෙන රටක්...
ලංකාවේ වෘත්තීය සමිතිකාරයන් තමන්ගේ අයිතිවාසිකම් ගැන නම් කතා කරනවා කලට වෙලාවට... හැබැයි යුතුකම් රාජකාරි නෑ කලට වේලාවට...
අපේ මිනිස්සුන්ගේ හැටි කොතන හරි පිනට බොන්න තිබෙනවා නම් රාජකාරියත් අමතකයි. ගේ දොර පවුලත් අමතකයි. අඩුගණනේ සුමාන දෙකකටවත් වැඩ තහනම් කරන්න ඕනේ...