(රොමේෂ් මධුෂංඛ)
යුද සමයේදී කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටිනවා යැයි පැවසෙන සියල්ල බොරු ප්‍රකාශයන් බවත් පොට්ටු අම්මාන් මේ වන විට ජීවතුන් අතර නොමැති බවත් හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැඳුම් ලත් පක්ෂයක් වන සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂයේ නායක කේ.තුල්සි මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ වව්නියාවේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
පසුගියදා සති අන්ත පුවත්පතක පළවී තිබු පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන බවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කේ. තුල්සි මහතා මෙලෙස පැවසීය.
‘ඇතම් පුද්ගලයින් දේශපාලන වාසි මත පොට්ටු අම්මාන් ජීවතුන් අතර බව පැවසුවද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසිදු නායකයෙකු මේ වන විට ජීවතුන් අතර නොමැති බවටයි යුද සමයේදී පොට්ටු අම්මාන් සමග විශාල සාමාජිකයින් පිරිසක් යුද හමුදා පාලනයට කොටු වුනා.
එම අවස්ථාවේදී පොට්ටු අම්මාන්ට බේරෙන්න කිසිම අවස්ථාවක් නැහැ එහිදී සියලුම නායකයින් මිය ගියා දැන් රටේ පවතින දේශපාලන තත්වය එක්ක දේශපාලන වාසි ගන්න සමහරු මිය ගිය අයට පණ දෙන්න පටන් අරන් තියනවා .දැන් පොට්ටු අම්මානුත් මේ විදිහට කරලියට ගෙනත් තියෙන්නෙත් අන්න ඒ හින්දයි. යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ දේශපාලකයින්ට කොටි නැතුව දේශපාලන කරන්න බැහැ වගේ. දැන් කරුණාටත් මේ ලෙඩේ හැදිලා.
මෙයා මේ කියන්නේ බොරුවෙන්න පුලුවන්... බුද්ධි අංශය වහා ක්‍රියාත්මක වී දැයි සොයා බැලිය යුතුයි.. සත්‍ය හො අසත්‍ය බව...