
( ඩයනා උදයංගනී)
මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර දිය හැකිනම් පිටකොටුවේ ඇති වෙළඳසැල් ද විවෘත කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය සංවිධානය කළ විරෝධතාවයක් කොටුව දුම්රියපල ඉදිරිපිටදී අද (19) පැවැත්විණි.
මෙයට සහභානී වූ විරෝධතාකරුවන් සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින්, මුහුණු ආවරණ පැළඳ මෙන්ම ආරක්ෂිත ඇඳුම් කට්ටවලින් ද සැරසී මෙම විරෝධතාවයේ යෙදී සිටිනු දක්නට ලැබිණි. විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදී සිටියදී මෙම ස්ථානයට පැමිණි කොටුව පොලීසියේ නිලධාරීන් විරෝධතාව නතර කරන ලෙසට දැනුම්දීමත් සමඟ විරෝධතාකරුවන් හා පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්වයක් ද ඇතිවිය.
එම අවස්ථාවේදී එහි සිටි දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ද පත්විය.
මෙම විරෝධතාවට එක්වූ පිරිස් පැවසුවේ සුරාසැල් විවෘත කළ හැකි නම් කුඩා ව්‍යාපාරික ස්ථාන හා පදික වෙළඳසැල් ද විවෘත කිරීමට ද අවස්ථාව ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවයි. පිටකොටුවේ අලෙවිසැල් වසාදමා තිබීම හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව ද ඔවුහු පැවසූහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)






COMMENTS
ජීවිකාව පිණිස කරන වෙළෙදාම්වලට අවසර නොදී සුරාසැල් අරින්න අවසර දීම දුර්වල තීරණයක්.
මේ නම් බොරුවට ජනමාධ්‍ය වලට පේන්න කරපු උද්ඝෝෂණයක්. මේ වෙළෙන්දන්ට අවශ්‍ය නම් බෝඩ් උස්සගෙන පාරේ අයිනේ ඉන්න ඕනි නැහැ. හිමීට තමුන්ගේ වෙළඳසැල විවෘත කරගෙන වෙළදාම කරන්න පුළුවන්. කවුරුත් එන්නේ නැහැ ඒකට බාධා කරන්න.
අරක්කු කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් කියල පිටකොටුවේ වෙළෙන්දෝ තේරුම් ගන්න ඕන . මොනවා නැතත් අරක්කු නැතුව නං ජීවත් වෙන්න බැහැ .
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහි පොලිස් මැර ක්‍රියා සහ ප්රචණ්ඩ ප්‍රතිචාර සමඟ ඉතා නින්දිත සාහසික ක්‍රියාවක්. මේවා දකිනකොට ඇත්තටම දුකයි. සෑම ආරම්භයකම අවසානයක් තිබේ නම් පිළිතුර ලැබේ
දේසපාලුවන්ගේ උවමනා පිරිමහ ගන්ඩනේ බාර් ඇරලා තියෙන්නේ .බලලෝබි ,දුශිත දේසපාලුවෝ ඉන්න රටකට ගිය කල.
මෝඩ තීරණයන් .දැන් දේශපාලුවන් හින්දා මුළු රටම අනතුරේ
මේ ඡායාරූප යු එන් සැසියට කොහොම හරි යවන්න. ලංකාවේ ආණ්ඩුව මානව අයිතිවාසිකම් උල්ලංගන කරනවා කියන්නේ මේවටත් එක්ක තමයි.
පුදුම පොලීසියක්
පොලීසය කඩාකප්පල් කරපු මේ ප්රවෘර්තිය ජිනීවා වලට ආරංචි වෙයි .මානව හිමිකම් කඩවීම් වලට හොඳ ප්‍රවෘර්තියක්
මේ වගේ අසත්පුරුෂ වැඩ කරන, කරන්න අනුබල දෙන සැම ඉවත්වෙලා..., නැති භංගස්ථාන වෙලා රට යහපත් දේශයක් බවට පත්වේවා..
මේ අත් අඩංගුවට ගැනීම ඉතා අසාධාරණ යි. ඉස්සරවෙලාම ගන්න ඕන තැබෑරුම් ළඟ පොරකන අය. මොවුන් වහාම නිදහස් කරන්න .
විරෝධතාවලට කිසිම බාධාවක් කරන්නේ නැහැ කියලනේ අපේ සර් කිව්වේ ?දැන් මොකද මේ වෙන්නේ