(+++ මහින්ද නිශ්ශංක)
පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසයි.
පාකිස්තානය ලොකු ලූනූ අපනයනය තහනම් කිරීමත් ඉන්දියාව ලොකු ලූනූ අපනයනය තහනම මෙතෙක් ඉවත් නොකිරීමත් හේතුවෙන් පිටකොටුව ආනයනකරුවන් දැඩි දුෂ්කරතාවලට මෙන්ම අපහසුතාවකට පත්ව ඇති බවත් ඔහු කීය.
ඉන්දියාව ලොකු ලූනූ අපනයනය තහනම ඉවත් කරාවි යන විශ්වාසය මත පිටකොටුව තොග වෙළඳුන් හා ආනයනකරුවන් තුර්කිය නෙදර්ලන්තය ඇතුළු රටවලින් ලොකු ලූනූ ආනයනය නොකළ බව පැවසූ මාධ්‍ය ප්‍රකාශක හේමක මහතා මෙරට ආනයනකරුවන් කීප දෙනෙකු ඉන්දියාවෙන් ලොකු ලූනූ මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ඇණවුම් කරන ලදුව එම ලූනූ කන්ටේනර් ඉන්දියාවේ වරායේ රඳවා ඇති බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ ආපු දවසේ ඉඳලා හැමදේම එහෙම තමයි. බයිස්කෝප් විතරක් පෙන්වනවා...
හාල් නැතිව බත් කන්නම්, ලුණු නැතිව හොදි කන්නම්... මැතිඳු අපිට කියනවා නම් පිදුරු වුණත් අපි කන්නම්... තව ටික කලයි.. ඔහොම යමු.
මේවා බොරු කතා ලංකාවේ ලූණු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ පසුගිය සමයේ සතොසේ තම හෙන්චයියලා මගින් ඒකාධිකාරය පතුරවාගත් රිෂාඩ් බදුර්දීන්ගේ රට පුරා ක්‍රියාත්මක වන වෙළඳමාෆියාව මගින් මැතිවරණය ඉලක්ක කරන උපක්‍රමයක්. ඇත්තටම මොන ආණ්ඩුව පත්වුණත් ලංකාවේ වෙළඳ ඒකාධිකාරය පතුරවන්නේ මේ මාෆියාව... රටේ ජනතාව කන බොන හැටි තීරණය කරන්නේ මොහු, මට බනින්නේ නැතුව මේ ගැන නිරාවරණය වූ ස්වාධීන ජනතා එළිකිරීම් හොයලා බලන්න..
මගේ ගාව කිලෝ 1ක් තියෙනවා. ඔච්චරම හිඟ නම් ග්‍රෑම් 500ක් විතර දෙන්නං...
ගිය අවුරුද්දේ මාස 2ක් ඇතුළත ගෑස්මිල රුපියල් 350 කින් අඩුකළවිටත් උග්‍ර ගෑස් හිඟයක් ඇතිවුණා මතකද?