(නිමන්ති රණසිංහ)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ලබන 6 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේණ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝග කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධියට අදාළව මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රිමාන්ඩ් කලාට ඡන්දේ ඉවර වුනහම නිදහස් කරාවි. ඊට පස්සේ අවරුදු ගානක් නඩුව ඇදලා වැඩේ යටගහල දමාවි. සමහරවිට තව අවරුදු 2-3 කින් තානාපති තනතුරක්, සංස්ථා සභාපතිකමක් එහෙමත් ලැබෙන්න බැරි නැහැ.
චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ හිටපු ත්‍රිවිධ හමුදාවක ප්‍රධානියෙක්. රාත්‍රී කාලයේ මත්පැන් පානයකර අධික වේගයකින් යනකොට නවත්තලා තිබෙන ලොරියක හැපුණා. එවිට එතන බඩු බාමින් සිටි මනුස්සයෙක් බෙන්ස් එකට යටවෙලා මැරුනා. එතන රාජකාරි කළේ කොන්ද පන තිබෙන පොලිස් නිලධාරියෙක්. ඔහු රාජකාරිය අකුරට කලා. වැඩේ යට ගහන්න බැරි වුණා. ඔහුට ඉල්ලලා අස්වෙන්න සිදුවුණා. නමුත් ඔහුට වහාම විදේශ රටක තානාපතිකමක් ලැබුනා.