IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පූජිත් - හේමසිරි ඇප දුන් තීන්දුව ප්‍රතිශෝධන කරන්නැයි ඉල්ලයි

 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ මිනීමැරීම සම්බන්ධයෙන් ප‍්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය දුන් නීතීවිරෝධී, අයුක්ති සහගත නියෝගය ප‍්‍රතිශෝධනය කරවා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ පිළිතුරු දේශන ඉදිරිපත් කරමින් පැවසීය.

මහෙස්ත‍්‍රාත්වරයකුට නොමැති බලයක් ආරෝපනය කර ගනිමින් ඇප ලබාදීමට මහෙස්ත‍්‍රාත්වරයකුට බලයක් නොමැති චෝදනාවකට ලක්ව සිටි මෙම සැකකරුවන්ට ඇප ප‍්‍රදානය කර ඇතැයි ද පෙන්වා දුන් දිලීප පිරීස් මහතා මහෙස්ත‍්‍රාත්වරිය නීතීය අවභාවිතා කර ඇතැයිද පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම්පත කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු වලට පිළිතුරු දෙමින් සිය දේශණය ඉදිරිපත් කරමින් එසේ පැවසීය.

ඒ අනුව මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම ප‍්‍රතිශෝධන ඇයදුම්පත සම්බන්ධයෙන් හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ද පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා ද මීට පෙර දිනයේ දී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා සිය දීර්ඝ පිළිතුරු දේශනය ඉදිරිපත් කරමින් මෙසේ ද පැවසීය.



අදහස් (0)

පූජිත් - හේමසිරි ඇප දුන් තීන්දුව ප්‍රතිශෝධන කරන්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site