IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පූජිත් - හේමසිරිගේ නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබරයට කල් යයි

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සම්බන්ධ වැඩිදුර නඩු විභාගය ලබන ඔක්තෝබර් 3 දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියම කළාය.

මෙම සිද්ධියට අදාළව පළමු සැකකරු වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් බවත් දෙවැනි සැකකරු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ දෙකක් සටහන් කර ගත් බවත් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙවැනි සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි අධිකරණයට දැන්වීය.

සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනයේ දී වාර්තා කරන ලෙස  මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (11)

පූජිත් - හේමසිරිගේ නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබරයට කල් යයි

සේන Monday, 22 July 2019 06:35 AM

හිනාවල හැටියටනම් මේ කත්නදරෙත් විහිළුවක් වගෙයි

:       1       80

රොෂාන් Monday, 22 July 2019 06:45 AM

නැතිවුන ජීවිත නං මොනාද? අපි කලින් බේරිලා ඉමු. දැක්කද මූණේ හිනාව

:       30       53

Prabha Monday, 22 July 2019 06:57 AM

දැන් ලෙඩේ හොඳයි වගේ.....

:       0       42

HafeelMonday, 22 July 2019 08:06 AM

මෙගොල්ලන්ටත් දේශපාලකයන්ටත් හැදන්නේ ඔය වගේ ලෙඩ තමයි. අමුතු ලෙඩක්.

:       0       6

RaveendraMonday, 22 July 2019 10:19 AM

කෝට් කබා ඇඳගෙන සිටියත් අප සිනා සිසී..// සිත්තුළ කැකෑරෙන්නේ කළ පව් මතක්වෙවී..// රූප පෙට්ටිය ඉදිරියේ උත්සාහ කළත් වීරයන් වගේ..// දන්නවා ලක්මවම නුඹලා නිවටයන් බව..//

:       0       14

Raveendra Monday, 22 July 2019 07:15 AM

ඕන යන්න මෙන්න යන්න පන ඇද්දේ අපි..// බොරුව උනත් ඇත්තක් ලෙස රගපැවේ අපි..// නැතිවුණු අය දන්නව කව්ද කලේ ජඩ වැඩේ..// එහින්දා යන්තම් ඇති බේරුනා නේ අපි..//

:       1       25

kolam boss Monday, 22 July 2019 07:28 AM

මෙයාලට නඩු වැටෙන්න ඕන මුනට හිනාවක් සිරියාවක් එන්න . නැත්නම් ඉන්නේ ඔරෝගෙනමයි. තනතුරේ ඉද්දි අවට වටපිටාවම උෂ්නේ වැඩි හින්ද හිනාවක් නැහැ . සහරාන්ලාගේ වැඩෙන් හිතට සතුටක් ලැබුණ දෙන්නෙක් බව මුනෙන්ම පෙනෙනවා .

:       0       43

saman Monday, 22 July 2019 07:42 AM

මාස ගණන් මේ නඩු කල්යන එක වලක්වන්න ලංකාවේ නඩු කඩිනම් කරන්න ලඟදි පටන් ගත්ත අලුත් උසාවි ක්‍රමය මේවට යොදාගන්න බැරි ඇයි?මේක මිනිස්සුන් ගණනාවකගේ ජිවිත විනාශ කරපු විශාල සිදුවිමක්නේ

:       0       32

justin Monday, 22 July 2019 08:04 AM

ඇයි සාමාන්‍ය මිනිස්සුන්ට නඩු වැටුණම බයවෙන්නෙයි , ලොකු අයට නඩු වැටුනම හිනා වේවි ඉන්නෙයි ? මෙයාල උසාවි යන්නේ යාළුවො හම්බ වෙන්න වගේනේ

:       0       18

Raveendra Monday, 22 July 2019 08:12 AM

අසුන්දර උනත් මුන්දගේ සුන්දර හිනාව නේ..// මතක් උනේ මගුල් ගෙදර දෙවෙනි ගමන්නේ..// හොරුන් බොරුකාරයන් උන් උන්වම හදුනන්නේ..// දැන් මේ සිනාහව පව්කාරයෝ බව පෙන්නුවනේ..//

:       0       21

Uditha -London Monday, 22 July 2019 08:17 AM

කතාව නිමි ද ? මතු සම්බන්ධ ද? මේගොල්ලෝ එකතු වෙලා වෙනම ගේමක් ගහනවා මිනිස්සුන්ට නාට්‍යය පෙන්වනවා.. මිනිස්සු නම් තව දුරටත් ඕවට රැවටෙන්නේ නැහැ..

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site