
(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරු දින ප්‍රහාරය වළක්වා නොගැනීමට ක්‍රියා නොකර, සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරියේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කළ පරීක්ෂණ කටයුතු අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කරුණු දක්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළව කළ විමර්ශන අවසන් බැවින් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීම සඳහා උධෘත ගොනු යවා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්. පී. ජයසූරිය මහත්මිය කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිරිව ඇත්තේ එදින පූජාවට ගොස් මියගිය සහ තුවාල ලබා මුළු ජිවිත කාලේටම දුක්විඳින මිනිසුන්ගෙන් ප්‍රශ්න කිරීම.. ඇයි එදා පූජාවට ගියේ ගෙදර නොසිට..? බදුල්ලේ ඉන්න ගොන් නරිහාමි නොගිය නිසා නරින් නරිහාමි මැරුණු ලෙස ජීවිත බේරා නොගත්තේ මන්ද?
වගකිවයුතු අය බලයේ ඉද්දී දෙන තීන්දු තීරණ ගැන හිතාගන්න පුලුවන්.. ජීවිත 300ක් බිලිදීලා බලය ගත්ත අයගෙන් සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන එක මෝඩකමක්...
දෙන්නම නිදොස් කොට නිදහස් නේද..? එතකොට අපේ හිටං ජනපති..? එයාටත් උප අගමැතිකම දෙන හින්දා නිදොස් කොට නිදහස්... මෙව්වනේ... අප්පා නාටක...
මෛත්‍රී ගැන කියන්න ගත්තා විතරයි. පොලිසිය ගාණට කේස්එක ඉවර කළා.
බුදු සරණයි...!!!