IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පුජිත්ට-හේමසිරිට එරෙහි නඩු විභාග කිරීමට ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර  සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවාරා ඇති නඩු විභාග කිරීම සදහා අගවිනිසුරුවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  අද (07) පත්කරන ලදී.

අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 800 ක් යටතේ ඔහුන්ට නඩු පවරා තිබේ.

මෙම අපරාධය සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් හේතුවෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති මෙම නඩුව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියම කරන්නැයි හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත්කරන ලදී.

කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන නාමල් බලල්ලේ (සභාපති), ආදිත්‍ය පටබැදි සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන් මෙම නඩුව විභාග කිරීම සදහා අගවිනිසුරුවරයා විසින් මෙලෙස පත්කරන ලදී.

හිටපු පොලිස්පතිවරයාගේ හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නීතිවිරෝධී නොකරහැරීම හේතුවෙන් පුද්ගලයන් 275 කට ජීවිතවලින් වන්දි ගෙවීමට ද තවත් 500 කට බරපතල තුවාලවලට ලක්වීමට ද සිදුව ඇති බව නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාට පෙන්වාදී ඇත.

2019 අප්‍රේල් 7 වැනිදාත් අප්‍රේල් 21 වැනිදාත් අතර කාලයේ අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතේලික පල්ලි හා තරු හෝටල් ඉලල්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම්ව හා අත්‍යාසන්ව සිටින බවට රාජ්‍ය බුද්ධ අධ්‍යක්‍ෂක නිලන්ත ජයවර්ධන මහතාට ලැබී තිබූ සංවේදී තොරතුරු ඔහු විසින් හිටපු පොලිස්පති ජූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට දැනුම් දුන් බවට මෙම සිද්ධියට අදාල විමර්ෂනවලදී හෙළිව තිබුණි.

එලෙස තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාරයන් වළකාලීම ස`දහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ත්‍නාගත් බවට මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂක නිලන්ත ජයවර්ධන මහතා විසින් ලබාදුන් තොරතුරු විත්තිකරුවන් විසින් නොසළකා හැර ඇතැයි පෙන්වා දෙන නීතිපතිවරයා එම තත්වයන් හේතුවෙන් සහරාන් හෂීම් සහ ඔහු අනුගාමිකයින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර සිදු කළ මරාගෙන මැරෙන ප‍්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 275 ක් මියගොස් තවත් 500 ක් බරපතල තුවාල ලබා ඇති බව ද පෙන්වි දී ඇත.

ජූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට ලැබී තිබූ බුද්ධි තොරතුරු අනුව කටයුතු නොකොට ඔවුන්ගේ ප‍්‍රබල නොසළකාහැරීම් හා පැහැරහැරීම් හේතුවෙන් මෙම ප‍්‍රහාරයන් එල්ල වී ඇතැයි අවධාරණය කරන නීතිපතිවරයා විත්තිකරුවන්ගේ එම අනීතික නොකරහැරීම් සහ නොසළකා හැරීම් හේතුවෙන් ඔවුන්ට එරෙහිව මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා මත නඩු පැවරීමට කටයුතු කරන බව ද අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත.

මහජන කැළඹීමට මෙන්ම මහජනතාවට ඉතා සංවේදී වැරදි කොට ඇති මෙම විත්තිනරුවන්ට එරෙහි නඩු විශේෂ අධිකරණ කටයුතු ලෙස සළකමින් මහාධිකරණ විනිසුරුවරුවන් තිදෙනකුගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට අවසර ලබාදෙන ලෙස ඉලල්ීමක් ද කොට තිබුනි.

 



අදහස් (1)

පුජිත්ට-හේමසිරිට එරෙහි නඩු විභාග කිරීමට ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක්

කිරි පුතා Wednesday, 07 July 2021 02:33 PM

නඩුකාරවරු එක එක්කෙනා අයින වෙයි. ඊට පස්සෙ නඩු අහන්න වෙන්නෙ....??

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site