IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පුංචි ඡන්දෙට වෙනස්කම් රැසක්

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරාපත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60යි 40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඉදිරියේදී 70යි 30 අනුපාතයට වෙනස් කරන්නැයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව සිය වාර්තාවෙන් රජයට නිර්දේශ කර ඇත.

අස්ථාවර පළාත් පාලන ආයන පද්ධතියක් නිර්මාණය වීමටඇති ඉඩකඩ අවම කිරීම එහි අමුණ බව එම කමිටුව පෙන්වා දී තිබේ.

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීම සියයට 60ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරිය සියයට 40 අනුපාතක්‍රමය යටතේ ද දැන සිදු කෙරේ.

එය සියයට 70ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරි සියයට 30 අනුපාත ක්‍රමය යටතේ ද  වන ලෙස ඉදිරි ඡන්ද විමසිමේදී  වෙනස් කරන්නැයි කමිටුව නිර්දේශ කර ඇත.

මේ අතර පළාත් පාලන ආයතනවල දැනට සිටින 8000ක් පමණ වන සභික සංඛ්‍යාව ඉදිරි ඡන්ද විමසිමේදී 6500ක් පමණ දක්වා අඩුවිය යුතු යැයි ද කමිටුව නිර්දේශ කර තිබේ.

පවතින ක්‍රමය තුළ පළාත් පාලන සභිකයන්ගෙ අනවශ්‍ය වැඩිවීමක් පවතින බවත් එය අනිවාර්යයෙන්ම 1500කින් පමණ අඩුවිය යුතු බවත් කමිටුව පෙන්වා දී ඇත.

 



අදහස් (8)

පුංචි ඡන්දෙට වෙනස්කම් රැසක්

අප්පුහාමි Tuesday, 13 July 2021 06:53 PM

දැනට කාලයක සිටම පළාත් පාලන ආයතනවල සභිකයින් විවිධ විශමාචාරවල යෙදෙන අවස්ථාත්, කාන්තා හිරිහැරත් දක්නට ලැබෙනවා. ඒවාට ගතයුතු ප්‍රතිකර්ම ගැන විස්තරයක් ඉදිරිපත් කරලා නැද්ද බලන්න... ඒ වාගේම සභාපතිවරුන්ට නිල නොලත් මහේස්ත්‍රාත් බලතල ලැබෙනවා. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති අයට එවැනි තත්වයන්ට පත්වීම් ගැනත් සැලකීමක් වෙනවා නම් අගෙයි...

:       1       188

Mahesh Tuesday, 13 July 2021 09:40 PM

මුදල් නාස්ති කිරීමක්... මේ ඡන්දය නැවැත්විය යුතුයි.

:       1       164

kapila Tuesday, 13 July 2021 10:54 PM

ලංකාවේ ඉහළම තැනක හිටපු කාලේ තිබුණේ පාර්ලිමේන්තුව, නගර සභා සහ ගම් සභා පමණයි. කොයිතරම් හොඳට රටේ පාලනය තිබුණාද? ගම සභාවල හිටියේ ස්වේච්ඡාවෙන් වැඩකරන ගමේ පිළිගත් පුද්ගලයින්. ඒ අය හොරකම් කළේ නෑ. තමන්ගේ පුද්ගලික ධනය වියදම් කරමිනුයි වැඩ කලේ. රජීව් ගාන්ධි පළාත් සභා අපේ ඇඟේ ගැහුවා. එ්ක මහා විනාශයක්. ප්‍රේමදාස මහත්තයා ප්‍රාදේශීය සභා හදලා මැර පැලැන්තියක්.. ඒවගේ නායකත්වයට පත්කළා. දැන් වෙලා තියෙන්නේ මහා නාස්තියක් සහ විනාශයක්. ආණ්ඩුව සහ විපක්ෂය එකතුවෙලා පරණ ක්‍රමයට යන්න පුළුවන් නම් ඒක තමයි කළයුත්තේ.

:       0       150

විපරමා Wednesday, 14 July 2021 02:03 AM

කිසිම උගත්කමක් සුදුසුකමක් නැති,,කිසිම චාරයක් නැති ඕනෑම තක්කඩියෙකුට උනත් ඉදිරිපත් වෙන්ඩ පුලුවන් එකම රැකියාව තමා දේසපාලනේ.

:       0       122

දිමුත් Wednesday, 14 July 2021 11:11 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී ගණනත් අඩු කළා නම් හරි... වෙන රටවලට සාපේක්ෂව ලංකාවේ මන්ත්‍රින් වැඩියි.

:       0       137

damith Wednesday, 14 July 2021 11:33 AM

ගමේ ගොඩේ මෝඩ තක්කඩින්ට කීයක් හරි හොයාගන්න තියෙන තැනක්නේ...

:       0       66

Deepal Nirosh Wednesday, 14 July 2021 11:40 AM

කේවල සමානුපාත මිශ්‍රණ අනුපාතය විතරක් නම් වෙනස් කරල මදි... මේ රටට දරාගන්න බැරි පළාත් පාලන සභික සංඛ්‍යාව 4000 වත් අඩු කරන්න. කේවල සමානුපාත මිශ්‍රණ අනුපාතය නම් 60 : 40 වඩාත් හොඳයි....

:       0       81

උපුල් සිරිවර්ධන Thursday, 15 July 2021 02:23 PM

මම හිතන්නේ සමානුපාතික නියෝජනයේ ප්‍රතිශතය වෙනස්කිරීම හොඳයි. කාන්තා නියෝජනය කොට්ඨාශ මට්ටමෙන් හා පත්කරන ලැයිස්තුව දෙකටම යායුතුයි. සභික දීමනාව අහෝසි කළ යුතුයි. ලැයිස්තුවක් නැතිව තනි පුද්ගලයෙකුටද කේවල ක්‍රමය යටතේ තනි කොට්ඨාශයකට තරගකිරීමට අවස්ථාව දියයුතුයි. ඡන්දයට තරග කිරීමේදී වියදම් කළහැකි මුදල් සීමාවක් දැමිය යුතුයි. තම කොට්ඨාශයේ ප්‍රචාරක කටයුතු සඳහා සිදුකළ වියදම් එක් එක් අපේ්ක්ෂකයන් ලිඛිතව මැතිවරණ කොමිසමට බාරදිය යුතුයි. එසේ බාරදුන් පසු පමණක් ජයග්‍රාහකයාගේ නම ගැසට් කළයුතුයි. අය-වැය වාර්තා බාරනොදෙන සියලු දෙනාට එරෙහිව නඩු දැමීමට ප්‍රතිපාදන සැකසිය යුතුයි. කොට්ඨාශයක මන්ත්‍රී පුරප්පාඩුවක් ඇතිවූ අවස්ථාවක අතුරු මැතිවරණ ක්‍රමය සැකසිය යුතුයි. කොට්ඨාශයක දැවෙන ප්‍රශ්නයක් සභාවේ සාකච්ඡාව සඳහා ඉදිරිපත් කිරීමට ඡන්ද දායකයන් 100කගේ අත්සනින් ඉදිරිපත් කරන මහජන පෙත්සම් ක්‍රමයක් සැකසිය යුතුයි.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28938 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18210 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11291 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 695 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site