ජම්මු කාශ්මීරයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්, ඉකුත් 14 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට විරෝධය දක්වමින්, ඉන්දු පාකිස්තාන දේශසීමාවේ,පාකිස්තානයේ පිහිටි හඳුනාගත් ත්‍රස්ත කඳවුරුවලට ඉන්දීය ගුවන් හමුදාව අද (26) අලුයම බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයේ ත්‍රස්ත පුහුණු කඳවුරු ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ ඉන්දීය බුද්ධි අංශ තොරතුරු පාදක කර ගනිමිනි. ඒ අද අලුයම 3.30 ටය.
ත්‍රස්ත පුහුණු කඳවුරුවලට ප්‍රහාර එල්ල කර ඇත්තේ, ලේසර් තාක්ෂණයේ ආධාරයෙනි. ප්‍රහාර සඳහා කිලෝ ග්‍රෑම් 1,000 ක් බරැති බෝම්බ යොදා ගෙන ඇත
ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ගමන් කරමින් සිටි බස් සහ ලොරි රථ පෙළක් ඉලක්ක කර ගනිමින්, ජම්මු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවූයේ පසුගිය 14වැනිදාය.
බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයෝ 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රහාරය එල්ල කළේ තමන් යැයි ‘ජායිෂ් ඊ මොහොමද්’ නමැති ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිය වගකීම බාර ගත්තේය. ‘ජායිෂ් ඊ මොහොමද්’ත්‍රස්ත කල්ලිය පාකිස්තාන රජයේත්, එරට අයි.එස්.අයි. බුද්ධි අංශයේත් සහාය සහ අනුග්‍රහය හිමිවන බව ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාව ද චෝදනා කරයි.
050
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


2025 දෙසැම්බර් මස 18
611
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පකිස්තානයේ ත්‍රස්ත කඳවුරකට ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාර
Bamunuarachchi Tuesday, 26 February 2019 09:29 AM
ඉන්දියාව පකිස්තානය හෝ චීනය සමග යුද්දයකට පැටලෙනවානම් අපිට බලන් ඉන්න.