(නිමල කොඩිතුවක්කු)
දේශපාලන පක්ෂවල පව් රටේ මහජනතාවගේ කරපිටින් නොයවා ස්ථාවර රටක් වෙනුවෙන් වහාම මහමැතිවරණයක් කැඳවන ලෙසට ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹදි අද(25) පැවැසූහ.
දේශපාලන බල පොරය හේතුවෙන් රටේ ආරථිකය, සංවර්ධනය සහ සාමය බිද වැටී ඇති නිසා මහමැතිවරණයක් කැඳවා මේ ප‍්‍රශ්ණය නිරාකරණය කර ගත යුතු බවද උන්වහන්සේ සදහන් කළහ.
මහමැතිවරණයක් උදෙසා වු ජනතා ව්‍යාපාරය තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසුහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංස හිමියේ මෙසේද කීහ.
‘‘මහ මැතිවරණයක් අවශ්‍යයි කියන හඬ දැන් රට තුළ මතුවෙමින් පවතිනවා. මහ මැතිවරණයක් අවශ්‍ය වී තිබෙන්නේ මේ රට ස්ථාවර රටක් ලෙස ගොඩනැගිම සදහායි.
දේශපාලන පක්ෂවල ගැටුම් ප‍්‍රශ්න සහ ඔවුන්ගේ පවු රටේ ජනතාවගේ පිට පටවන්න එපා කියන පණිවිඩය දේශපාලඥයන්ට දෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා.
මහමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධ අදිකරණ තීන්දුව ලබන 07 වනදා බලාපෙරොත්තු වෙනවා. මොන වගේ තීන්දුවක් ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. අධිකරණ තීන්දුව පිළිබඳවත් අද දේශපාළඥයන් කතා කරනවා. අපි ඒ පිළිබඳ කණගාටුවෙනවා.
අද අපිට විශ්වාසය තියන්න පුලූවන් එකම තැන අධිකරණය පමනයි. එතැන ගැනත් අනවශ්‍ය අදහස් ප‍්‍රකාශ කරලා, අවිචාරවත්ව කතා කරලා අවිචාරවත්ව හැසිරිලා දේශපාලන කොටස් කරන ප‍්‍රකාශ වලින් මේ රටේ අධිකරණය පිළීබඳවත් සැක මතුකරන්න උත්සාහ කරනවා.
මේ දේශපාලන කණ්ඩායම් රට කෑලි වලට කඩන්න හැදුවා, ජනතාව භේද බින්න කලා. ආගම දහම නැති කරලා අනාගමික රාජ්‍යයක් කියළා හදන්න උත්සාහ කළ. අන්තිමට සත්‍යයේ සහ යුක්තියේ එකම දෙවොල වන අධිකරණය පිලිබඳ විශ්වාසයත් නැති කරන්න හදනවා. අධිකරණය පිලිබඳවත් අපේ සැකයක් හදන්න මේ අය හදනවනම් අපිට කාගේ පිහිටක්ද කියලා අපි අහනවා.
හැම දේශපාලන පක්ෂයකම ඉන්නවා ඕන දේටයි එපා දේටයි කතා කරන පිරිසක්. දැන් ඒ අය ත‍්‍රිපිඨකය ගැනත් කථා කරන්න යනවා. හැම දේම කථා කරන්නේ දේශපාලඥයන්. අපි ඉපදිලා ඉන්නේ ඡන්දෙ දෙන්න විතරද කියළා අහනවා.
රටේ ස්ථාවරභාවය ඇති කරගැනිම සදහා මහ මහැතිවරනයක් අවශ්‍යයි. අපි ඒක පැහැදිලිව හඬ නගා කියනවා. අපි ඡුන්දේ දෙන්නේ කාටද කියන එකත් පුරවැසියො හැටියට අපි ඉදිරියේ තියෙනවා.
දේශපාලන පක්ෂ මැතිවරණ ප‍්‍රකාශයක් නිර්මාණය කරනවිට එහි අපේ රටේ සම්පත්, කෘෂිකර්මය, ඒකීයභාවය කියන හැම අංශයක් පිළිබඳවම එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල සටහන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
රටට මේවනවිට ඇතිවෙලා තියෙන ගැටලූ, අභියෝග වලට විසදුම් දෙන්නේ මොන පක්ෂයද කියළා අපි විමසා බැලිය යුතුයි. මේ දිනවල රටේ ඒකීය භාවය පිළිබඳව කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් කතා කරන්නේ බලය පිළිබඳවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිපිටකයේ අහවල් නිකායේ එන අපේම වග්ගයෙහි ඇතුලත් මහා කන්ඨක සූත්‍රය අනුව මැතිවරණයක් පැවැත්වීම සුදුසු බව ඔබවහන්සේට දිවැසින් පෙනෙනවා විය හැකිය. එහෙත් නීත්‍යානුකූල නොවන ආණ්ඩුවක් යටතේ මැතිවරණයක් පැවැත්වීම ව්‍යවස්ථාවේ 19 වැනි සූත්‍රයට අනුව කල නොහැකිය..!
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ හරියටම හරි
රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා අපිට ඕනේ විදියට මැතිවරණ තියන්න බෑ
අපිටත් කියන්න තියෙන්නේ ජනතාවගේ සල්ලි නාස්ති නොකර බහුතරයට රට දෙන්න කියලයි
ඔබවහන්සේලා දේශපාලනයෙන් ඉවත් වෙන්න. මනුෂ්‍යයින්ට බණ දේශනා කරන්න ලාභ ප්‍රයෝජන තකා දේශපාලන පක්ෂවලට ගැතිකම් කරනවා. මේක බොහොම නරකයි.
චීනාගෙන් ගත්ත සල්ලි මොන බැංකුවේද දැම්මේ ? ඒ සල්ලි අරන් දුන්න අතරමැදියාට කලගුණ සලකන්න වෙන්න ඇති කාලයක් කටවහගෙන අප්‍රසිද්ධියේ ඉඳලා දැන් එලියට ආවේ ?
ඒක නම් හොඳ අදහස හාමුදුරුවනේ. ඒත් මැතිවරණයක් තියන්න සුදුසු ජනතාව පත් කරපු අගමැතිවරයකුගෙන් සමන්විත භාරකාර රජයකින් මිස හොර පාරෙන් ගෙනත් එක්කෙනෙක්ගේ මතයට පත් කරපු ජනතාවගේ ඡන්දයෙන් ප්‍රතික්ෂේප උණු අගමැතිවරයෙක් යටතේ නොවෙයි නේද?