(සුජිත් හේවාජුලිගේ )
පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවැසීය.
වයඹ පළාතෙන් තමාට එවැනි ඉල්ලීම් ගණනාවක් දැනටමත් ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පුළුල් සන්ධානයක් ලෙස පැමිණෙන්නේ එම තීරණය ගැනීමට එක පයින් සූදානම් බවත් වයඹ පළාතේ හිටපු මහ ඇමැති විදිහට එම පළාතට විශාල වැඩ කොටසක් තමා ඉටු කර ඇති බවත් ජයසේකර මහතා පැවසුවේය.
තමාට වයඹ මහ ඇමැති ධූරය සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් ඇති බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වයඹ ඉන්න අය බුද්ධිමත්... බලාගෙන බහින එක හොඳයි...
පවු නේද?
ස්නානය සඳහා සුදානම් වීම
පක්ෂය කැමති වෙන්න එපැයි.
හොඳට හිතලා ගත්ත තීරණයක්ද දන්නේ නැහැ
ජරාව වැඩියෙන් තියෙන්නෙ මහ අැමති පදවියෙ. හොඳ වැඩක් දෙන්න ප්ලෑන් කරගෙන ඇති
ගොනා හැරෙනකොට ජනතාව දන්නවා. කොහොම හරි බලන්නේ එල්ලිලා ඉන්න. රටට ආදරය කරන එක්කෙනෙක් හිටියත් ඇති මේක ගොඩදාන්න.