(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

නෙලුව ලංකාගම ප්‍රදේශයට අද දින (10) මේ වන විටමිලි මීටර් 200ක වර්ෂාපතනයක් ඇද වැටීම  හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග සහ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල්ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.

තවලම ප්‍රදේශයට ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ. නෙළුව - මාවිට මාර්ගය සහ තවලම ඉන්ධන පිරවුම් හල අසල මාර්ගයජලයෙන් යටවී තිබේ.

ආපදාවට පත් පිරිසට සහන සැලසීම සඳහා යුද සහ නාවික හමුදා භට කණ්ඩායම්  ප්‍රදේශයට මේ වන විට ගමන් කරමින් සිටින බව ද සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය.