IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නෙළුම් කුලුන සෑදීමේදී වංචාවක් වී ඇත්නම් කෝප් කමිටුව හරහා ක්‍රියාමාර්ග ගතයුතුයි

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

නෙළුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් කෝටි 200 ක වංචාවක් වී ඇති බවට ජනාධිපතිවරයා කළ චෝදනාව සම්බන්ධයෙන් කෝප් කමිටුව හරහා පරීක්ෂණයක් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව කෝප් කමිටුව හමුවට කැඳවා වහාම ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා පවසන අන්දමට මුදල් අතුරුදහන් වීමක් සිදුවී ඇත්නම් ඊට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවද මන්ත්‍රීවරයා කීය.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට වසර 4ක් සිටීම ගැටලුවක් බවද හෙතෙම සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බරපතල විවේචනයක් තිබෙන බව ද මන්ත්‍රීවරයා කීවේය.

 

 



අදහස් (10)

නෙළුම් කුලුන සෑදීමේදී වංචාවක් වී ඇත්නම් කෝප් කමිටුව හරහා ක්‍රියාමාර්ග ගතයුතුයි

කුමාර Tuesday, 17 September 2019 12:21 PM

ඒ වගේම 88-89 කාලෙ ජවිපෙ විසින් රාජ්‍ය දේපලවලට කල හානි පිළිබඳව පරීක්ෂණයක් කිරීමටත් ඒවා ජවිපෙ පක්ෂ අරමුදලින් අය කර ගැනීමත් කළ යුතුය. ඊට අමතරව පොදු ජනයාගේ යැපෙන්නන්ට වන්දි මුදල් ගෙවිය යුතුයි.

:       0       0

Nimal Tuesday, 17 September 2019 12:38 PM

බොරුවට කෑ ගැහුවට කෝප් කමිටුවේ ඉතිහාසයට එක නඩුවක්වත් දාලා දඬුවම් කරලා තියෙනවද?

:       0       0

kamal Tuesday, 17 September 2019 12:57 PM

අත්තිකාරම් මුදල වෙනුවෙන් දී ඇති බැංකු ආරක්ෂණය මුදල් කරන්න.. බොරුවට කියවන්නේ නැතුව

:       0       0

Buddika Tuesday, 17 September 2019 01:08 PM

අවුරුදු 4ක් ඉඳලා ගෙදර යන්න කෝච්චියකුත් දාලානේ තියෙන්නේ. දැන් ඉතින් බලය නැතිවන බව පෙනිපෙනී තියෙද්දී බොහොම හිතට දුක ඇති.

:       0       0

මවුබිමේ අනාතයා Tuesday, 17 September 2019 01:36 PM

අනේ ඔහෙලාගේ කෝප් එකෙන් කරේ අහවල් දේද? රටට මෙච්චර කෙලවෙනවද? ඕවා හරියට ක්‍රියාත්මක වෙනවා නම් නිකන් අපට පොඩිචූන් එකක් දීලා කේස් ඉවර කරනවා. නැත්තන් මිනිස්සු හිතනවනේ නාස්තිය දූෂණයට ඔක්කොම ඉඩදෙනවා කියලා... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..! සාමාන්‍ය ජනතාව නොවේ.. මේ රට කෑවේ අවුරුදු 70 වක් තට්ටු මාරුක්‍රමයට පාලනය කරපු අයයි.

:       0       0

rim Tuesday, 17 September 2019 01:48 PM

ඇත්තටම කතාව හරි. අනිවාර්යෙන් හොයන්න ඕනෑ. කව්ද කොහොමද වුනේ කියලා...

:       0       0

Mahee Tuesday, 17 September 2019 01:56 PM

මට හිතාගන්න බැරි විගණකාධිපති මේ කාරණය ගැන හොයා බැලුවේ නැද්ද කියන එකයි...

:       0       0

Bamunuarachchi Tuesday, 17 September 2019 02:36 PM

මහින්ද හදනවා. සිරිසේන විවෘත කරනවා. ජෙප්පෝ ගණන් බලනවා. රනිල් විකුණනවා. දක්ෂිණ අධිවේගය කීයට විකුණයිද දන්නේ නැත.

:       0       0

sunil milano Tuesday, 17 September 2019 02:53 PM

මහබැංකු බැඳුම්කරය ගැන වගේවගක් නැතිව ඉන්න ජවිපෙ වන්දිභට්ටයෝ කෝටි 200 ගෙන පැය 24ක් යන්නත් කලින් කෝප් කමිටුවට ගේන්නලු... මේ අයට ලැජ්ජාවක් ඇත්තේම නැත.

:       0       0

ranasinghe Tuesday, 17 September 2019 04:39 PM

තීරු බදු රහිතව ගෙන ආ වාහන බදු නොගෙවා විකුණපු රතු අප්පුලා ගැනත් හොයන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site