(හර්ෂණ තුෂාර සිල්වා)
දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විවෘත කෙරේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වෙති.නෙළුම් කුලුණේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල්ගල් තැබුවේ 2012 ජනවාරි 20 වැනිදාය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) සහ ඒරෝස්පේස් ලෝන්ග් මාර්ච් ඉන්ටර්නැෂනල් ට්‍රේඞ් කෝ. ලිමිටඩ් (ඒ.එල්.අයි.ටී.) සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය යන පාර්ශ්ව අතර ගිවිසුමකටද 2012 වසරේ ජනවාරි 3 වැනිදා අත්සන් තැබිණි.
චීනයේ මාවතක් තීරයක් (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) ව්‍යාපෘතිය යටතේ නෙළුම් කුලුන ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තබන ලදී.
චීනයේ එක්ස්පෝට් ඇන්ඞ් ඉම්පෝට් (එක්සිම් බෑන්ක් ඔෆ්) හි මූල්‍ය ප්‍රතිපාදන වලින් ඉදි කෙරුණු නෙළුම් කුලුණේ ඇස්තමේන්තු ගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3 කි.
මීටර 350 කින් උසින් යුතු නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුන වන අතර ලෝකයේ 18 වැනි උසම කුලුනද වෙයි.
මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සහයෝගිත්වයෙන් සිවිල් ඇන්ඞ් ස්ට්‍රක්චරල් ඉංජිනියරින් කන්සල්ටන්ට්ස් පෞද්ගලික සමාගම නෙළුම් කුලුනේ ව්‍යුහාත්මක ඉංජිනේරු උපදේශක වශයෙන් කටයුතු කළේය.
කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අසබඩ වර්ග මීටර් 30,600 ක භූමියක ඉදි කර තිබෙන නෙළුම් කුලුන 600 දෙනකුට ආසන පහසුකම් ඇති කැරකෙන ආපන ශාලාවකින්, නිරීක්ෂණ මහළකින් (තට්ටුවකින්) දහසකට ඉඩ ඇති උත්සව ශාලාවකින් හෝටල් පහසුකම්වලින් සමන්විත මහල් දෙකකින් ආපනශාලා පරිශ්‍රයකින් විදුලි සංදේශ කෞතුකාගාරයකින් කාර්යාල පරිශ්‍රයකින් හා ප්‍රදර්ශන පරිශ්‍රයකින් සමන්විතය.
වාහන 200 ක් නතර කිරීමේ පහසුකම් සහිත රථගාලක් ද මෙහි වේ අවට පරිශ්‍රයේ විශාල ජල උද්‍යානයක් ඉදි කිරීමට නියමිතය.නෙළුම් කුලුනේ වේදිකා පරිශ්‍රය මහල් පහකින් සමන්විත අතර කුලුනේ ප්‍රධාන කොටස (ටවර් හවුස්) මහල් අටකින් සමන්විතය. කුලුනේ කුඹ ගස කොටස මීටර් 86.9 කින් සමන්විතය. මෙම කොටසේ රූපවාහිනී, ගුවන් විදුලි සහ අනෙකුත් දුරකථන සන්නිවේදන ඇන්ටනාවලින් සමන්විතය. නෙලුම් කුලුනේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තය වන අතර ඇන්ටෙනා බද්දට දීමෙන්ද ආදායම් ඉපැයීමට අපේක්ෂිතය.
විකාශන සේවා 50 කට රූපවාහිනී සේවා 50 කට සහ විදුලි සංදේශ සේවා සපයන්නන් 20 කට නෙලුම් කුලුන මගින් පහසුකම් සැපයීමට අපේක්ෂිතය.
අද විවෘත වන නෙළුම් කුලුන ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුලුනට වඩා මීටර 26 කින් උසින් වැඩිය.
සි.එස්.ඊ.සී, ටී.ආර්.සී., සී.ඊ.අයි.ඊ.සී. යන වෙබ් අඩවි සහ අන්තර්ජාල වාර්තා ඇසුරිනි.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශයේ මග සලකුණට සුබපැතුම්..!!!
සෝභන කුලුණ...
ඇති යන්තම්, දැන් අපේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි . සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්. හිටපු ජනාධිපතිතුමාට පින්.
කියන්න වදන් නැහැ සුපිරියි. කුහක නොවී හොඳ දේ හොඳයි කියන්න පැකිලෙන්න එපා.. මහින්ද රජය කරපු සුපිරිම වැඩක් තමයි මේ, ලංකාව නම ලෝකෙට අරන් ගිය එක... ආසියාවේ ලොකුම නාට්ටලා ගහ හැදුවා වගේ නෙමෙයි මෙය සැමදා තියේවි... කිසිම දවසක මේ වගේ දේවල් දැන් ආණ්ඩුවෙන් නම් බලාපොරොත්තු වෙන්න බැහැ, හිතන්නවත් බැහැ. දන්නේ එක දෙයයි මේ ආණ්ඩුවේ ලොක්කෝ, හැමදේටම රාජපක්ෂ හොරු කියන්න විතරයි..
අපේ සැබෑ වූ සිහිනයක්... අපිට ආඩම්බරයක්...!!!
අපේ සැබෑ වූ සිහිනයක් . අපිට ආඩම්බරයක්.
අලුතින් විවෘත කරන සියලුම මහල් නිවාස ව්‍යාපෘති ගිය ආණ්ඩුව කාලේ 25% වැඩ අවසන් කර තිබූ ඒවා. මේ ආණ්ඩුව පටන්ගත්ත කිසිම මහල් නිවාස ව්‍යාපෘතියක් නැහැ . ඊයේ පෙරේද අගමැති විවෘත කරපු ටාටා නිවාස ව්‍යාපෘතිය ට කොච්චර බාධා කලාද . අන්තිමට ඉන්දියන් තානාපති මැදිහත්වෙලා වැඩ අවසන් කලේ. ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කෙඩ් දෙවන කොටස 95% වැඩ අවසන් වෙලා තිබුන. තාම විවෘත කලේ නැහැ . බැද්දගාන වෙට් පාර්ක් එක 70% වැඩ අවසන් වෙලා තිබුන . තාම විවෘත කලේ නැහැ . ගංවතුර පාලන ව්‍යාපෘතිය තාම ඉවර නැහැ . ඉක්මනින් වැඩ පටන්ගන්න තිබුණු මාකුඹුර කොටුව දිත්ව දුම්රිය මාර්ගය , රාජගිරිය - දෙමටගොඩ අදිවේගී මාර්ගය , කොට්ටාව - කොටුව කනුමත ඉදිවෙන මාර්ගය පටන්ගන්න කිසිම දෙයක් කලේ නැහැ . මේවනවිට විවෘත වියයුතු මාලබේ - කොටුව - කැලණිය මොනෝ රේල් එක පටන්ගන්න තාම ලෑස්ති වෙනවා . අවුරුදු 5 දී මේ ආණ්ඩුව කොළඹට මුකුත් ම කරන නැහැනේ .
පොහොට්ටුවත් ලගදීම පිපෙන හැඩයි. මෙය අපේ ජාතියට ගෞරවයක්.
පොහොට්ටුව එන ආත්මේ තමයි පිපෙන හැඩ... අරයා රත්නපුරේදී දුන්න හොඳ බැටක්.. පොහොට්ටුව තැලිලා යන්න. ඉතින් කොහොමද පිපෙන්නේ? එන ආත්මේ තමයි. බලාගෙන ඉන්න...
මොනෝ රේල් පටන් ගන්න තිබුනේ 2015 ගමන් යන්න තිබුනේ 2018 කැළණි පාලමත් එහෙමයි. වටරවුමත් එහෙමයි. අපි ගත්ත මෝඩ, තකතීරු තීරණය නිසා අපි තවත් හිඟන්නන් වුණාම ඔන්න ඕකයි තත්වේ..
දොර අරින එකට මුල්ගල තිබ්බ කෙනාට එන්න කියලා නැද්ද?
මේක ළඟටවත් යන්න බැරි පොරවල් අගය කරලා කමෙන්ට් කරනවා.
මේකේ නම කොමිස් කුලුන.