IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


නැ’හිර මුහුදේ තෙල් ඉවත්කරන්න නැනෝ තාක්ෂණ ආයතනයෙන් පිළියමක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

නැගෙනහිර මුහුදේ ගිනිගත්  නෞකාව අවට පවතින  තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන්වලින් නිපද වූ කෘතිම මෙට්ටයක් භාවිතා කිරීමේ හැකියාව  පවතින බව  නිපුණතා සංවර්ධන හා වෘත්තීය  අධ්‍යාපන,  පර්යේෂණ හා නව නිපැයුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය (11) පැවසුවාය.

නැනෝ තාක්ෂණ ආයතනයේ  පර්යේෂකයන් විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇතැයි ද ඇය සඳහන් කළාය.

ඇය මේ බව පැවසුවේ හෝමාගම නැනෝ තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවීමෙන් අනතුරුව එම පරිශ්‍රය කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.


තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය මෙසේද කීවාය.

නැනෝ තාක්ෂණය  ආයතනයේ  කරන පර්යේෂණ රටක පැනනගින කාලීන අවශ්‍යතා  සඳහා මොනතරම් දුරටකට පිළියම් ලෙස  යොදා ගත හැකිද යන වග, මෙහි කළ නිරීක්ෂණ චාරිකාවකදී මට පැහැදිලි වුණා.

මෙය ජාතියේ වාසනාවකට පහළ වූ  ආයතනයක්. ඒ බව ඉතා හොඳින් පැහැදිලි වන ආසන්නතම  කරුණු දෙකක් තිබෙනවා. පළවෙනි කරුණ තමයි පසුගිය කාලේ ලොවම වෙළාගත් කොරෝනා වයිරසය වැළඳුණු බවට තහවුරු කරගැනීමට  කෙරෙන පී.සී.ආර් පරීක්ෂණය සඳහා ජෛව පටල සාම්පල ලබා  ගැනීමට  පර්යේෂණයකින් සොයා ගත් උපකරණය. එම උපකරණය විදේශ රටකින් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූ අවස්ථාවකදී මෙහි සිදු කළ පර්යේෂණයකිනුයි  නිපදවීමට  හැකියාව ලැබුණේ. එය මේ රටේ  කොරෝනා පාලනයට  මහත් පිටිවහලක් ද වුණා .

අනෙක් ආසන්නතම කාරණාව තමයි මේ දිනවල නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබෙන නිව් ඩයමන්  නෞකාව  අවට පවතින ඉන්ධන ඉවත් කිරීමට හැකි උපකරණයක් පර්යේෂණයකින් සොයා ගැනීම. මෙය ඉතාම වැදගත් කාරණයක්. මේ තාක්ෂණය  හොයාගත්තේ විදේශ රටකින් වෙන්න පුළුවන්. නමුත් ඒ තාක්ෂණය අපේ රටේ ක්‍රියාවට නංවා ගන්නේ කොහොමද කියන එක පර්යේෂණයකින් අනාවරණය කර ගැනීමට හැකි වීම භාග්‍යයක්. ඒ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මේ වෙනකොට සොයාගෙන තිබෙනවා. දැන් අපිට තිබෙන අභියෝගය තමයි මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ කොහොමද කියන එක. ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් තිබෙනවා.ඒ පිළිබඳව යෝජනා සාකච්ඡා කිරීමටයි අද අපි මෙහි පැමිණ තිබෙන්නේ.
ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ,ව්‍යාපාර ප්‍රවර්ධන ප්‍රධානී.ආචාර්ය ලක්ෂිත  පහල ගෙදර මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

මේ නැනෝ තාක්ෂණ තාක්ෂණ ආයතනය කාර්යභාරය වෙලා කියන්නේ රටේ පවතින ගැටලු වලට  තාක්ෂණය  භාවිතා කරමින් විසඳුම් සොයා ගැනීමයි. එහිදී අපිට අද දවසේ රට හමුවේ පවතින ප්‍රධාන අභියෝගයක් තමයි නැගෙනහිර මුහුදේ  ගිනිගත්  නෞකාවෙන් කාන්දු වන තෙල් ඉතා ඉක්මණින්  ඉවත් කරන්නේ කොහොමද කියන එක. මෙවන් අවස්ථාවකදී ලෝකයේ විවිධ රටවල් විවිධ ක්‍රම භාවිතා කරනවා. නමුත් ඒ තාක්ෂණය ඒ විදිහටම මෙතනදි අපිට පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සහ පහසුකම් සමහරවිට අපිට නැති වෙන්න පුළුවන්.

ඒත් අපි හිතන්න ඕනේ ඒ තාක්ෂණය අපේ පරිසර කලාපය තුළ මේ තෙල් තට්ටුව ඉවත් කරන්නෙ කොහොමද කියලා. මෙවන් අවස්ථාවකදී භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව අපි කාලයක සිට පර්යේෂණයක් සිදු කළා. මේ සඳහා මිනිරන්වලින් සාදාගන්නා ග්‍රැෆීන් කියන ද්‍රව්‍ය භාවිතා කරලා තමයි ඒ මොහොතේ මුහුදේ තියෙන තෙල් තට්ටුව ඉවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එය ඉතාම සාර්ථක ක්‍රමයක්  වෙයි කියලා අපි හිතනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී  සුබදායි පණිවිඩයක් රට හමුවේ තබන්නට යැයි පැවසීය.

මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය,  නැනෝ තාක්ෂණ ආයතනයේ ව්‍යාපාර ප්‍රවර්ධන ප්‍රධානී ආචාර්ය ලක්ෂිත  පහල ගෙදර  මහතා ඇතුළු පිරිසක්  පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (3)

නැ’හිර මුහුදේ තෙල් ඉවත්කරන්න නැනෝ තාක්ෂණ ආයතනයෙන් පිළියමක්

දිමුත් Friday, 11 September 2020 11:57 AM

මෙතුමිය එකපාරක් කිව්වා නේද කොරෝනාවලට එන්නතක් හොයාගත්තා කියලා? මේකත් ඒ වගේද දන්නැහැ?

:       299       79

Saman Friday, 11 September 2020 12:32 PM

මෙයාගේ කයිය විතරයි. වැඩ නැහැ...

:       145       82

sachith Friday, 11 September 2020 03:15 PM

මේ ආයතනය හරියට කළොත් මේකම ඇති ලංකාව දියුණු කරන්න. දැන්වත් පරීක්ෂණ කරන්නේ නැතිව රටක් දියුණු කරන්න බැහැ කියලා අපේ පාලකයෝ තේරුම් ගත්තා නම් ලොකු දෙයක්...

:       8       198

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site