IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


නොවැ. 6ට පෙර වීසා දීර්ඝ කරගන්නැයි විදේශිකයන්ට නිවේදනයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින විදේශිකයන් වීසා කාලය අවසන් වී ඇත්නම් ලබන නොවැම්බර් මස 6 වැනිදාට පෙර වීසා දීර්ඝ කරගත යුතු බවත් එදිනට පසුව වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැදීසිටියහොත් ආමරිකානු ඩොලර් 500 ක දඩ මුදලට යටත් කරන බවත් ආගමන හා විගමන පාලකවරයා පැවසීය.  

ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසා කාලය මේ මස 7 වැනිදා සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා තවත් දින 30 කින් දීර්ඝ කළ බවත් පළාත් අතර සංචරණ සීමා මේ දක්වා පැවතීම හේතුවෙන් සියලුම වීසා දීර්ඝ කරන බවත් ආගමන හා විගමන පාලකවරයා කියයි.

නැවතත් පොදුවේ වීසා දීර්ඝ කිරීමට අදහස් නොකරන බවත් ආගමන හා විගමන පාලකවරයා සඳහන් කරයි.

මැයි මස 11 වැනිදා සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා කාලය තුළ කල්ඉකුත් වන වීසා සඳහා ගාස්තුව පමණක් අය කරන බවත් දඩ මුදල් අය නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

නේවාසික වීසා හිමිකරුවන්ට වීසා දීර්ඝ කර ගැනීම සඳහා රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා 0707101050 දුරකථනයට අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු බව ආගමන හා විගමන පාලකවරයා කියයි.

සංචාරක වීසා මත මෙරට රැදී සිටින විදේශිකයන්ට (ශ්‍රී ලංකාවට පැමිණි දින සිට උපරිම මාස 9 ක් දක්වා)  https://eservices.immigration.gov.lk/vs  යන වෙබ් අඩවියට පිවිස අන්තර්ජාලය ඔස්සේ වීසා අලුත් කර ගත හැකි බවත් නොවැම්බර් මස 6 වැනිදාට පෙර රටින් පිට වන්නේ නම් වීසා ගාස්තු ගුවන්තුටුපළට ද එසේ නැත්තනම් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණ අදාල ගාස්තු ගෙවා වීසා පිටසන් කරගත හැකි බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි



අදහස් (0)

නොවැ. 6ට පෙර වීසා දීර්ඝ කරගන්නැයි විදේශිකයන්ට නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site