(ඩයනා උදයංගනී)
ගොඩනගන නව සන්ධානයේ සම සභාපතිධූරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය බවට එතුමා හෝ ශ්‍රී ලංකා නිදහස් ඉල්ලීමක් කර නොමැති බවත් එය ලබාදෙන බවට පොරොන්දු වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඇතැමුන් එම පොරොන්දු ගැන නොදැන කරන ප‍්‍රකාශ ගැන කණගාටු වන බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දුන් පොරොන්දු සම්බන්ධයෙන් ගැටලූ පවතීනම් ඒවා සාකච්ඡා කර විසඳා ගැනීමට සූදානම් බව කී මහලේකම්වරයා ඇතැමුන් එවැනි දේ මාධ්‍ය හමුවලදී හා මහමගදී ප‍්‍රකාශ කිරීම ගැන කණගාටු වන බව ද සඳහන් කළේය.
ගිවිසුම් අත්සන් කර කාර්යය කරවා ගන්නා තුරු ආදරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිළිගත් අය දැන් විවිධ දේ කියන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පාවිච්චි කර ඉවත දැමීම හොඳ කියා ජනතාව තීරණයක් ගනු ඇතැයි ද කීවේය.
මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡාවලට එක්වූ බැසිල් රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරුන් සමඟ ඇතිවූ එකඟතා අනුව නව සන්ධානයක් පිහිටුවීම ආදී කරුණු ඇතුළත් ගිවිසුම් සකස් කෙරුණු බවද ජයසේකර මහතා පැවසීය.
COMMENTS
පොහොට්ටුවේ කට්ටිය තව කොච්චර දේවල් නම් කීවාද ? ආව ගමන් රණවිරුවෝ නිදහස් කරනවා, මහ බැංකු මන්කොල්ලේ සේරම කට්ටිය හිරේ යවනවා, සියලුම ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා, හොර මැර කම් වලට සම්බන්ද හෝ නඩු හබ තියෙන කාටවත් මොනම තනතුරක්වත් දෙන්නේ නෑ, රජයේ උසස් තනතුරු වලට පත් කරන්නේ සුදුසුකම් ඇති ය පමණයි, ඒ වගේ වැඩ වලට සුදුස්සන් තෝරන්න කොමිටි පත් කරනවා, කුඩු කාරයෝ සේරම අල්ලනවා වගේ තව කොච්චර දේවල් කීවද ? කවුද අනේ මහත්තයෝ ඒවා විශ්වාස කෙරුවේ ? දුන්න ලණුටික එහෙම පිටින්ම ගිල්ලා නම් දැන් අඬල දොඩලා පලක් නෑ.
මොන මෝඩ රැලක්ද මේ. වැලේ වැල් නැතුව ඉඳලා පොහොට්ටුවත් එක්ක ගිවිසුම් ගැහුවා. මොලේ කළදක් තියෙන කෙනෙක් රාජපක්ෂලත් එක්ක ගිවිසුම් ගහනවද? වෙනම ඉල්ලුවොත් ඇපත් නෑ.
අපුරුයි. මුන් සේරගේම බල තණ්හාව මිසක් වෙන මොනවද තියෙන්නේ? දැන් අර කට්ටිය කා කොටා ගන්න හින්ද උඹලත් පටන් ගනිල්ලා කා කොටා ගන්න. ඇත්නම් අඩුවක්නේ. පාක්ෂිකයෝ උඩබලාගෙන හිටපල්ලා.
ඔබතුමාලා ඇයි ඔච්චර බාල්දු වෙන්නේ? තනියෙන් තරඟ කරන්නකෝ උපරිම ශක්තිය යොදවලා. ලැබෙන දෙයක් ලැබෙයි. පස්සෙන් යන්නේ නැතුව නම්බුකාර විදියට පරදින එක ලැජ්ජාවක් නෙවෙයි.
අනේ සිරිසේන මහතාට කනක් ඇහිලා ඉන්න දෙන්න. අවුරුදු 4න් පොළොන්නරුවේ ගිහින් කහෙල් කොලේ බත් ටික කාල ඉන්නවා කියපු එක්කෙනානේ. මෙයත් දෑකැත්තයි මිටියයි අරගෙනනේ පටන් ගත්තේ. පොලොන්නරුවේ දැන් ඒවා නැහැ. තියෙන්නේ භූතයෝ ගොයම් නෙලන්න.
පොහොට්ටුවට මෙයා ගත්තොත් පොට්ටුවත් ඉවරයි.
ඔය හාදයාගේ නම කියනවටවත් මම කැමති නැහැ
මේ ඔක්කොමලා රට ගැන හිතලා කවද්ද වැඩක් කරන්නේ, මේ ඔක්කොමලා පෙන්ෂන් යවන්න ඕන.
හරියට රටට යමක් කරගන්න බැරිවුනත් පහුගිය දශක කිහිපයේ වගකිවයුතු ඇමතිකම්, ජනපතිකම දරපු සිරිසේනව නැවත පාර්ලිමේන්තු ගෙන එන එකේ තේරුමක් තිබෙනවද ? සිරිසේනව බලයට ගේන එක ඔබතුමා වැනි කටුස්සන් මෙන් පාට මාරුකරන ගෙම්බන් මෙන් එහෙට මෙහෙට පනිමින් පිල් මාරුකරන ප්‍රතිපත්තියක් නොමැති දේශපාලකයන් සහ පොළොන්නරුවේ හබරලිය මුදලාලි වැනි අතළොස්සකට හොඳ වුනාට රටටනම් වැඩක් නැත.
සම සභාපති නෙමෙයි, ජනතාවට දෙනවයි කියපුවා කෝ...කෝ...කෝ...?