(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමේ කටයුතු අතරමග නැවතීම පිළිබඳ දොසින් කොටසක් ආණ්ඩුවත් බාරගත යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටු නියෝජිත, එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතත් එය ඉදිරියට ගෙන යා නොහැකි වූයේ පක්ෂ අතර එකඟතාවක් නොමැති නිසා බවද මන්ත්‍රීවරයා කීවේය.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බහුතරයක් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කාර්යක්ෂමව මැදිහත් නොවූ බවද හෙතෙම සදහන් කළේය.
එබැවින් එහි වරද විපක්ෂය පිට පමණක් පැටවිය නොහැකි බව මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ව්‍යවස්ථාවේ පිටුපස වුයේ පළාත් සභා බලතල වැඩි කර,ඉඩම් බලතල පොලිස් බලතල පැවරීමයි. මෙයින් වන්නේ රටවල් කිහිපයක කැඩී යාමයි. ආණ්ඩුවේද කිහිප දෙනෙකු හැරුණු විට මෙම අපරාධයට හවුල් වීමට කිසිවෙක් කැමති නොවිය. 225 අතුරින් මොවුන් දුරු වුවහොත් රටටම ශාන්තියකි.