(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
නොබෙදුණු රටක් තුළ බලය විමධ්‍යගත කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකළොත් ආණ්ඩුවේ ආයුෂ අඩුවනු ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී අද(25) පැවසීය.
තමන්ට ගැටුමකට යාමේ අවශ්‍යතාවක් නැතැයි කී මන්ත්‍රීවරයා ආණ්ඩුව මැතිවරණවලදී දුන් පොරොන්දු දැනුවත් ඉටුකළ යුතු බව සදහන් කළේය.
දෙමළ ජනතාවට ද අභ්‍යන්තර ස්වයං නිර්ණය පිළිබඳ අයිතියක් ඇති බව අමතක වුවහොත් අහිතකර ප්‍රතිඵල ඇතිවනු ඇතැයි ද සම්බන්ධන් මහතා කීවේය.
ශ්‍රී ලංකාව තුළ දේශපාලන විසඳුමක් ඇතිකිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව බලපෑම් කළ යුතු බවද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාට තරහා ගිහිල්ල
දැනටමත් අඩු වෙලා තමයි. අමුතුවෙන් අඩු වෙන්න මොකුත් නැහැ.
ඡන්දය ගැනීමට ජනතාව උසි නොගන්වා අනෙකුත් ජාතින් සමග එකමුතුව කටයුතු කලා නම් මේ වන විට හැමටම දියුණුවිය හැකිව තිබිණි. කිසි දින ඉටුනොවන සිහිනයක් පසු පස අහිංසක ජනතාවක් ගෙනයාම අපරාධයකි
මෙතුමා විපක්ෂ නායක නිල නිවසින් යන්නේ නැතුව මොනවා කියවනවද?. දමිළ ජනතාව හැමෝම මෙතුමා වගේ හිතනවද දන්නේ නැහැ?
කාගේ කාගෙත් ආයුෂ දැන් ඉවරයි. කුසලයක් කර ගන්න එක තමා හොඳා