IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


‘නව ව්‍යවස්ථාවකට විපක්ෂ නායක කැපවිය යුතුයි’

බිඟුන් මේනක ගමගේ 
 
 
රටට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද කැපවිය යුතු යැයි ද පන්සල් ගානේ ගොස් කරන වොයිස් කට් දේශපාලනයෙන් කිසිදු සෙතක් නැතැයි ද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය ‘ලංකාදීප’ යට පැවසීය.
 
වගකිව යුතු දේශපාලන පක්ෂ සියල්ලම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් කැපවිය යුතු යැයි ද අපි ඕකට නැතැයි කියා බොරු බිල්ලන් මවා ජන සමාජය භීතියට පත්කිරීම පහත් දේශපාලනයක් යැයි ද ලංකාදීප 'සඳුදා හමුව' දේශපාලන සාකච්ඡාවට එක්වෙමින්  ඇමැතිවරිය චෝදනා කළාය.
 
බලය තිබියදී මෙන්ම අහිමිව තිබියදී ද එය ඉවසා කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට ජීවන විලාසයක් ඇතත් විපක්ෂයේ ඇතැමුන්ට එවැනි සංයමයක් නැතැයි ද අතුකෝරාල මහත්මිය කීවාය.
 
දැනට කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර නැතැයි ද සකස් කර ඇති වාර්තාව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කමිටු පහත් සාමාන්‍ය පුරවැසියනුත් ඇතුළු සියලු පාර්ශ්වයකින්ම ඉදිරිපත් කළ අදහස් මත පදනම්ව සැකසූවක් යැයි ද ඇමැතිනි අතුකෝරාල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 



අදහස් (0)

‘නව ව්‍යවස්ථාවකට විපක්ෂ නායක කැපවිය යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 54 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site