IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘නව රේගු අධ්‍යක්ෂක පත් කළේ කැබිනට් තීන්දුවට අනුවයි’

රංජන් කස්තුරි

නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරිමට කටයුතු කළේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුව යැයිද ඊට එරෙහි වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැතැයි ද මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අද (1) රේගු වෘත්තීය සමිති නියෝජිතවරුන්ට ප්‍රකාශ කර තිබේ.

කොළඹ මුදල් අමාත්‍යංශයේ දී රේගු වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ අද (1) පැවති සාකච්ඡාවකදී මුදල් ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කර ඇත.

රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි කාර්යක්ෂම නිලධාරීන් ප්‍රධානීන් ලෙස පත්කිරිමට කැබිනට් මණ්ඩලයට බලයක් තිබෙන බවද එහිදී ඇමැතිවරයා වෘත්තිය සමිති නියෝජිතයින්ට ප්‍රකාශ කර තිබේ.

මේ වන විට වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරයකු පත්කර ඇති හෙයින් ඔහුත් සමඟ කටයුතු කරගෙන යන්නැයි ද එම සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක ද කර තිබේ.



අදහස් (24)

‘නව රේගු අධ්‍යක්ෂක පත් කළේ කැබිනට් තීන්දුවට අනුවයි’

Raveendra Friday, 01 February 2019 12:42 PM

අප නොදන්නා නිසා " මෙම මහජන නියෝජිතයාගෙන් "මෙසේ විමසීමට කැමැත්තෙමු. හිටපු නිලධාරියා හෝ නිලධාරිනිය වැඩ කරන්න දන්නේ නැද්ද? වැඩ කිරීම අකාර්යක්ෂමද? හොරකමට ජරාවට (ඔහෙලා වගේම ඔහෙලා වගේම කිව්වේ 225ට හොඳේ) ආදරය වගේම ඇල්ම වැඩිපුර තියෙනවද? නැත්නම් පහළ නිලධාරින්ට තමන්ට හිතුහිතු ලෙස වංචා කිරීමට ඉඩදෙනවාද? නොදෙනවද? අවසාන වශයෙන් "දියවන්නා ඔයේ" අවශ්‍යතාවයන් අනුව වැඩ නොකරනවාද?

:       32       1757

Amila Friday, 01 February 2019 01:23 PM

නැති ප්‍රශ්න හදමින් විකාර කරන කෙනෙක්....

:       21       630

Hafeel Friday, 01 February 2019 03:04 PM

මෙයා මොන අමාත්‍ය ධූර දැරුවත්, මොනවා හරි අවුලක් තමා. පහුගිය කාළේ තෙල් මිල සූත්‍ර. විදේශ ඇමතිධූර දරන්න කොට ඩයස් පෝරාව සුරතල් කළා.

:       12       864

sudath Friday, 01 February 2019 03:16 PM

නැති ප්‍රශ්න ඇති කරමින් රට දිනෙන්දින වලපල්ලට ගෙනයන දේශපාලන කුහකයන්

:       6       781

jayantha Dassanayaka Friday, 01 February 2019 03:42 PM

මේයා ගිය තැන විනාශ කරනවා. මොනවට ඇමතිකම් දෙනවද?

:       7       477

සමන් Friday, 01 February 2019 03:53 PM

රෙගු අධ්‍යක්ෂ තුමිය සමඟ අපනයන කරුවන්ගේ ගැටලුවක් සබැඳි සාකච්ඡාවකට එක් පාර්ශ්වයක් නියෝජනය කරමින් සහභාගි වුනෙමි . ඇය සාම්ප්‍රදායිකත්වයෙන් මිදී ගැටලු දෙස බලන හා ක්ෂණික තින්දු ලබා දෙන දක්ෂ අවංක හා කාර්යක්ෂම නිලධාරිනයක් බව වැටහිණ .ආන්ඩුවක් මෙවන් නිලධාරිනියන් තව තවත් ගොඩ නැගිය යුතුයි.

:       0       816

නිමල් Friday, 01 February 2019 04:14 PM

චාල්ස් මහත්මිය ඉවත් කරන්නට හේතුවුණු කරුණුත් ඔය කියන කැබිනට් එකේ සාකච්ඡා කළාද? එතුමියව ඉවත් කරන්න මුළු කැබිනට් එකම අනුමත කළාද? එයට හේතු මොනවාද? අපිටත් දැනගන්න පුළුවන්ද? ඒ කාර්යක්ෂම අවංක නිලධාරිනියක් ඉවත් කිරීම යහපාලන ප්‍රතිපත්ති වලින් මොන එකද?

:       0       464

nihal c k Friday, 01 February 2019 08:30 PM

මෝස්‌තර නිර්මාණ කරුවෙකුට රටක අාර්ථිකය නිර්මාණය කරන්න පුළුවන්ද? මේ ඒ ඵලවිපාකයි..

:       1       475

ලුම්බිණි Friday, 01 February 2019 11:36 PM

නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරිමට කටයුතු කළේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුව නම් හිටපු කෙනා අයින් කරන්න හේතුවක් තිබිය යුතුයි. මේ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරි පත් කලේ ඔබ තුමාද? මෙතුමිය අයින් කරන්න හේතු කියන්නේ නැත්තේ මොකද?

:       0       356

sarath perth Saturday, 02 February 2019 01:10 AM

මේ රජය පිස්සුකෙලින්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වගේමයි

:       0       183

රටෙ රාළ, Saturday, 02 February 2019 01:31 AM

මේ පාලකයන්රට කන එක විතරයි කරන්නෙ, මෙ රටට කරන විනාසෙට, හොඳක්නම් වෙන්න එපා. ඔය ගෙම අත්හරින්න එපා, මේ අය පන්නලා දානකං ඔහොම්මම කරන්න

:       0       147

chathura Saturday, 02 February 2019 02:42 AM

ඇත්තටම දැනට සිටි අධ්‍යක්ෂකවරිය ඉතාමත් හොද කාර්යක්ෂම නිලධාරිනියක්... රේගුවේ කුමන ආකාරයේ ගැටළුවක් පැමිණියත් ඇය ඉතාමත් කඩිනමින් නිවැරදි තීරණ ගනිමින් ඒවා විසඳීමට කටයුතු කළ කාන්තාවක්. ඇය ඉවත් කිරීමට කලින් රේගුවෙන් ආනයන හා අපනයනකරුවන්ට වන සමහර අකටයුතුකම් පිළිබඳව ඔය කියන කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වෙනවා නම් වටී. මොකද කියනවා නම් මේ යන ආකාරයට තව දවස් දෙක තුනක් ගියහොත් ආනයන හා අපනයනකරුවන්ට කලට වෙලාවට තමන්ගේ භාණ්ඩ නිෂ්කාෂනය කිරීමට නොහැකි වීම නිසා ගෙවීමට සිදුවන දඩ මුදල් ඉතා ඉහළ අගයක් ගනු ඇත.

:       0       229

Jayasiri Saturday, 02 February 2019 03:46 AM

මුලින්ම මෙයාට තිබුනේ හිටපු කෙනාගේ වැරදි පෙන්නා දෙන්නත්, අලුත් කෙනාගේ හැකියාව පෙන්නන්නත්ය..

:       0       276

sandy123 Saturday, 02 February 2019 04:33 AM

කැබිනට් මණ්ඩලය නිසා වැරදි ඔක්කම හරිද? ඒ ඒ අංශයන් කෙරෙහි ඔවුන්ගේ නිපුනතා සහ සුදුසුකම් මොනවද? ඔතන කී දෙනෙක් ඉන්නවද අවම අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්. ඔක්කම හොර වැඩ වලට මේ කැබිනට් මණ්ඩල නියෝජිතයන් තමා හවුල් වෙන්නේ. තවත් දේවල් තිබ්බට මෝඩයන් ඉන්න රටේ මහා මෝඩයන්ට කියලා වැඩක් නැහැ.

:       0       214

Saranga Saturday, 02 February 2019 05:33 AM

කැබිනෙට් එකේ ඉන්නේ අපිද?

:       0       94

kamaniSaturday, 02 February 2019 11:46 PM

කැබිනට් එකේ ඉන්නේ නාකි සමනලයින් ටිකක්...

:       0       50

Sarath Saturday, 02 February 2019 09:52 AM

වැඩ බැරි දීන පාලකයෝ අයින් කරන්න විදිහක් නැද්ද ඔය විදිහටම..

:       0       136

Bamunuarachchi Saturday, 02 February 2019 05:15 PM

ඔයාලා හැම තීන්දුවක්ම ගන්නේ කැබිනට්ටුවේ අනුමැතියෙන් බව අපි දන්නවා නමුත් ප්‍රශ්නය කැබිනෙට්ටුව හරි තීන්දු තීරණ ගන්නවාද කියන එකයි.

:       0       135

sandy123 Saturday, 02 February 2019 08:00 PM

බමුණුආරච්චි සහතික ඇත්ත. මම මගේ ප්‍රතිචාරයෙන් අදහස් කලෙත් මෙයාමයි...

:       0       0

sanat Saturday, 02 February 2019 09:22 PM

මේ අයට ඡන්දෙ දුන්නු අයට කියන්න දෙයක් නැහැ..

:       0       7

janatha anura Sunday, 03 February 2019 04:13 AM

රජයේ ප්‍රතිපත්ති? මේවා ක්‍රියාත්මක කරන්නද එතුමිය ඉවත් කලේ? මේ අනුව කැබිනට්ටුවේ ඔක්කොම කරුංකා, එතනෝල් වාහන බිස්නස් කරන අය වෙනවාමයි. මෙතුමා ඇමති තනතුරින් ඉවත් කළයුතු බව ජනතාව කියනවා. ජනතාව හරක් නොවේ.. කෝ මේ ජේ වී පිය... කඩේ ගිහිල්ලද කොහෙද? ගෙදර ලුණු නැතිවද කොහෙද?

:       0       8

ruhune api Sunday, 03 February 2019 04:16 AM

අද කාර්යක්ෂම නිලධාරීන් තෝරන්නේ කාර්යක්ෂම හොරුන් විසිනි. ලොක්ක රට හිනස්සවලා අපේ ගම කන්නේ නැතිව ඔහේ මෙහාට වෙලාඉන්න..

:       0       2

Siri Sunday, 03 February 2019 04:40 AM

එතකොට ජනාධිපතිතුමා මෙය අනුමත කලේ නැහැනේ | දැන් මොකද මෙහෙම කියන්නේ ?

:       0       0

Deepal Nirosh Sunday, 03 February 2019 07:30 AM

නව අධ්‍යක්ෂකවරයා පත්කළේ කැබ්නට් තීරණයක් අනුව කියමු. එතකොට හිටපු අධ්‍යක්ෂකවරිය ඉවත් කළේ මොන තීරණයක් අනුවද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site