රංජන් කස්තුරි
නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරිමට කටයුතු කළේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුව යැයිද ඊට එරෙහි වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැතැයි ද මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අද (1) රේගු වෘත්තීය සමිති නියෝජිතවරුන්ට ප්‍රකාශ කර තිබේ.
කොළඹ මුදල් අමාත්‍යංශයේ දී රේගු වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ අද (1) පැවති සාකච්ඡාවකදී මුදල් ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කර ඇත.
රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි කාර්යක්ෂම නිලධාරීන් ප්‍රධානීන් ලෙස පත්කිරිමට කැබිනට් මණ්ඩලයට බලයක් තිබෙන බවද එහිදී ඇමැතිවරයා වෘත්තිය සමිති නියෝජිතයින්ට ප්‍රකාශ කර තිබේ.
මේ වන විට වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරයකු පත්කර ඇති හෙයින් ඔහුත් සමඟ කටයුතු කරගෙන යන්නැයි ද එම සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක ද කර තිබේ.
COMMENTS
අප නොදන්නා නිසා " මෙම මහජන නියෝජිතයාගෙන් "මෙසේ විමසීමට කැමැත්තෙමු. හිටපු නිලධාරියා හෝ නිලධාරිනිය වැඩ කරන්න දන්නේ නැද්ද? වැඩ කිරීම අකාර්යක්ෂමද? හොරකමට ජරාවට (ඔහෙලා වගේම ඔහෙලා වගේම කිව්වේ 225ට හොඳේ) ආදරය වගේම ඇල්ම වැඩිපුර තියෙනවද? නැත්නම් පහළ නිලධාරින්ට තමන්ට හිතුහිතු ලෙස වංචා කිරීමට ඉඩදෙනවාද? නොදෙනවද? අවසාන වශයෙන් "දියවන්නා ඔයේ" අවශ්‍යතාවයන් අනුව වැඩ නොකරනවාද?
නැති ප්‍රශ්න හදමින් විකාර කරන කෙනෙක්....
මෙයා මොන අමාත්‍ය ධූර දැරුවත්, මොනවා හරි අවුලක් තමා. පහුගිය කාළේ තෙල් මිල සූත්‍ර. විදේශ ඇමතිධූර දරන්න කොට ඩයස් පෝරාව සුරතල් කළා.
නැති ප්‍රශ්න ඇති කරමින් රට දිනෙන්දින වලපල්ලට ගෙනයන දේශපාලන කුහකයන්
මේයා ගිය තැන විනාශ කරනවා. මොනවට ඇමතිකම් දෙනවද?
රෙගු අධ්‍යක්ෂ තුමිය සමඟ අපනයන කරුවන්ගේ ගැටලුවක් සබැඳි සාකච්ඡාවකට එක් පාර්ශ්වයක් නියෝජනය කරමින් සහභාගි වුනෙමි . ඇය සාම්ප්‍රදායිකත්වයෙන් මිදී ගැටලු දෙස බලන හා ක්ෂණික තින්දු ලබා දෙන දක්ෂ අවංක හා කාර්යක්ෂම නිලධාරිනයක් බව වැටහිණ .ආන්ඩුවක් මෙවන් නිලධාරිනියන් තව තවත් ගොඩ නැගිය යුතුයි.
චාල්ස් මහත්මිය ඉවත් කරන්නට හේතුවුණු කරුණුත් ඔය කියන කැබිනට් එකේ සාකච්ඡා කළාද? එතුමියව ඉවත් කරන්න මුළු කැබිනට් එකම අනුමත කළාද? එයට හේතු මොනවාද? අපිටත් දැනගන්න පුළුවන්ද? ඒ කාර්යක්ෂම අවංක නිලධාරිනියක් ඉවත් කිරීම යහපාලන ප්‍රතිපත්ති වලින් මොන එකද?
මෝස්‌තර නිර්මාණ කරුවෙකුට රටක අාර්ථිකය නිර්මාණය කරන්න පුළුවන්ද? මේ ඒ ඵලවිපාකයි..
නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරිමට කටයුතු කළේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුව නම් හිටපු කෙනා අයින් කරන්න හේතුවක් තිබිය යුතුයි. මේ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරි පත් කලේ ඔබ තුමාද? මෙතුමිය අයින් කරන්න හේතු කියන්නේ නැත්තේ මොකද?
මේ රජය පිස්සුකෙලින්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වගේමයි
මේ පාලකයන්රට කන එක විතරයි කරන්නෙ, මෙ රටට කරන විනාසෙට, හොඳක්නම් වෙන්න එපා. ඔය ගෙම අත්හරින්න එපා, මේ අය පන්නලා දානකං ඔහොම්මම කරන්න
ඇත්තටම දැනට සිටි අධ්‍යක්ෂකවරිය ඉතාමත් හොද කාර්යක්ෂම නිලධාරිනියක්... රේගුවේ කුමන ආකාරයේ ගැටළුවක් පැමිණියත් ඇය ඉතාමත් කඩිනමින් නිවැරදි තීරණ ගනිමින් ඒවා විසඳීමට කටයුතු කළ කාන්තාවක්. ඇය ඉවත් කිරීමට කලින් රේගුවෙන් ආනයන හා අපනයනකරුවන්ට වන සමහර අකටයුතුකම් පිළිබඳව ඔය කියන කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වෙනවා නම් වටී. මොකද කියනවා නම් මේ යන ආකාරයට තව දවස් දෙක තුනක් ගියහොත් ආනයන හා අපනයනකරුවන්ට කලට වෙලාවට තමන්ගේ භාණ්ඩ නිෂ්කාෂනය කිරීමට නොහැකි වීම නිසා ගෙවීමට සිදුවන දඩ මුදල් ඉතා ඉහළ අගයක් ගනු ඇත.
මුලින්ම මෙයාට තිබුනේ හිටපු කෙනාගේ වැරදි පෙන්නා දෙන්නත්, අලුත් කෙනාගේ හැකියාව පෙන්නන්නත්ය..
කැබිනට් මණ්ඩලය නිසා වැරදි ඔක්කම හරිද? ඒ ඒ අංශයන් කෙරෙහි ඔවුන්ගේ නිපුනතා සහ සුදුසුකම් මොනවද? ඔතන කී දෙනෙක් ඉන්නවද අවම අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්. ඔක්කම හොර වැඩ වලට මේ කැබිනට් මණ්ඩල නියෝජිතයන් තමා හවුල් වෙන්නේ. තවත් දේවල් තිබ්බට මෝඩයන් ඉන්න රටේ මහා මෝඩයන්ට කියලා වැඩක් නැහැ.
කැබිනෙට් එකේ ඉන්නේ අපිද?
වැඩ බැරි දීන පාලකයෝ අයින් කරන්න විදිහක් නැද්ද ඔය විදිහටම..
ඔයාලා හැම තීන්දුවක්ම ගන්නේ කැබිනට්ටුවේ අනුමැතියෙන් බව අපි දන්නවා නමුත් ප්‍රශ්නය කැබිනෙට්ටුව හරි තීන්දු තීරණ ගන්නවාද කියන එකයි.
බමුණුආරච්චි සහතික ඇත්ත. මම මගේ ප්‍රතිචාරයෙන් අදහස් කලෙත් මෙයාමයි...
මේ අයට ඡන්දෙ දුන්නු අයට කියන්න දෙයක් නැහැ..
රජයේ ප්‍රතිපත්ති? මේවා ක්‍රියාත්මක කරන්නද එතුමිය ඉවත් කලේ? මේ අනුව කැබිනට්ටුවේ ඔක්කොම කරුංකා, එතනෝල් වාහන බිස්නස් කරන අය වෙනවාමයි. මෙතුමා ඇමති තනතුරින් ඉවත් කළයුතු බව ජනතාව කියනවා. ජනතාව හරක් නොවේ.. කෝ මේ ජේ වී පිය... කඩේ ගිහිල්ලද කොහෙද? ගෙදර ලුණු නැතිවද කොහෙද?
අද කාර්යක්ෂම නිලධාරීන් තෝරන්නේ කාර්යක්ෂම හොරුන් විසිනි. ලොක්ක රට හිනස්සවලා අපේ ගම කන්නේ නැතිව ඔහේ මෙහාට වෙලාඉන්න..
එතකොට ජනාධිපතිතුමා මෙය අනුමත කලේ නැහැනේ | දැන් මොකද මෙහෙම කියන්නේ ?
නව අධ්‍යක්ෂකවරයා පත්කළේ කැබ්නට් තීරණයක් අනුව කියමු. එතකොට හිටපු අධ්‍යක්ෂකවරිය ඉවත් කළේ මොන තීරණයක් අනුවද?