(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට අලුතින් පත්කෙරුණු මන්ත්‍රීවරු තිදෙනෙක් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේදී අද (17) දිවුරුම්දුන්හ.
ඩී.බී හේරත්, මනෝජ් සිරිසේන, ශාන්ත බණ්ඩාර මහත්වරු මෙලෙස නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්හ.
කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා කේ.බී හේරත් මහතාත්, මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගේ මරණයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා මනෝජ් සිරිසේන මහතාත් පත්කරනු ලැබ සිටින අතර ශාන්ත බණ්ඩාර මහතා දිවුරුම් දුන්නේ ඔහුගේම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තුරු, පුළුවන් තරම් ඉක්මන් කරලා පර්මිට් එක ගන්න. අර එක්කෙනෙක් ගිය ආත්මේ හිටපු පලා බබාලටත් පර්මිට් දෙන්න සැහෙන්න වලිකනවා. එච්චර කරදර වන්නේ මොකටද, දැන් වෙලාව ආපු එකේ, නැද්ද මං කියන්නේ?
හැකි ඉක්මනින් මේ අයටත් මුලින්ම තීරුබදු රහිතා වාහන ටික අරගෙන දෙමු. නැත්නම් මුළු රටේම පුරවැසියන්ට මෙයාලගේ අඳෝනා අහන්න වෙන්නේ දවස පටන්ගත්ත වෙලේ ඉදලම...
ඇමතිතුමාට කියලා වාහන පර්මිට් එක ඉක්මනටම හදා ගන්න. කැමති පුද්ගලයින් ඇතිනේ වාහන මිලදී ගන්න.
ආපු ගමන් කරන පලවෙනි වැඩේ කාර් පෙර්මිට් එක .එක විකුණලා ගානක් ගන්න එක .ඊළඟට කොට්ටසයට පාස් වෙලා තියෙන මුදල් . එකෙනුත් කියක් සාක්කුවට දාගන්න පුලුවන්ද කියල බලන එක .කොල්ලෝ 3 දෙනාට කාලේ මදි පරම්පරා ගානකට හොයාගන්න .
තව අවුරුදු 5ක් බලන් ඉන්න එපායැ පෙන්ෂන් එකට...
එපා නිසා ගියානම් අයි ආයෙත් දෙන්නේ.? ආවෝ ගියෝ.