IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නව පනත පැරදවීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි කියයි

(ඩයනා උදයංගනී)

වත්මන් රජය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ගෙනඒමට යන නව පනත පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් සටන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම නව පනත තුළින් රජය උත්සාහ ගන්නේ ත‍්‍රස්තවාදී කටයුතු මැඩලීමට නොව වෘත්තීය සමිති හා මාධ්‍ය මර්දනය කිරීමට බව පෙනී යන්නේ යැයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ශක්තිමත් කළ යුත්තේ රටේ ආරක්‍ෂාව වෙනුවෙන් බව කී මන්ත‍්‍රීවරයා වත්මන් රජය එම පනත ශක්තිමත් කරන බව කියමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කිරීමට සැරසෙන බව ද කීවේය.

එබැවින් එයට එරෙහිව ගතයුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන බව ද මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි) 

 



අදහස් (4)

නව පනත පැරදවීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි කියයි

ravi Tuesday, 12 March 2019 08:46 AM

" ත්‍රස්තවාදය වැළක්වීමේ පනත " මේකෙන් වැඩ නැහැ ... එත් ත්‍රස්තවාදීන් ( ජාතිවාදීන් , ආගම්වාදීන් , සහ ජනතාව අතර මතබෙදයන් .. කැරලි කෝලාහල සංවිදානය කරන්නන් සහ එවැනි සමිති .. සමාගම් .. සංවිධාන ) මේ හැම දෙයක්ම තහනම් කල යුතුයි !!! එවැනි පුද්ගලයන්ට ඇප නැතුව දිගු කාලීන සිර දඬුවන් ලැබෙන අන්දමට " ත්‍රස්තවාදී නීතීන් නව සංශෝදනයකින් පරිපුර්ණ වියයුතුයි . "

:       1       84

sarath Tuesday, 12 March 2019 09:52 AM

සිංහලයෝ හැමෝම බෙදිලා තම තමන්ගේ බලය වෙනුවෙන් සටන් කරනවා. ඉස්සර සිංහලය කා කොටා ගද්දි ප්‍රයෝජන ගත්තේ ඉංග්‍රීසි , දැන් ???

:       2       39

chamath Tuesday, 12 March 2019 10:13 AM

මෙයා කියන දේවල් පිලි ගන්න බෑ මෙයාට ලජ්ජා නහරයක් නැහෙනේ පැත්තෙන් පැත්තට පනින කෙනා

:       28       155

Bamunuarachchi Wednesday, 13 March 2019 02:43 AM

ත්‍රස්තවාදී පනත ඕනේ නැහැ කියලා කියන්නේ කවුද කියලා දන්නවානේ. ත්‍රස්තවාදීන්ව දුටුතැන වෙඩි තියන පනතක් ගෙනාවත් සිංහල අපිට ඇති රුදාව මොකක්ද? අමාරුව කොටි සහෝදරයින්ට. දැන් අපිට බලා ගන්න පුළුවන් මොන නමින් හිටියත් කොටියා මොකාද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 273 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 389 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site