(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට සිදුවූ හානිය ප්‍රතිපූර්ණ කිරීම සඳහා යුරෝපා සංගමයේ මානුෂික අරමුදලින් යූරෝ ලක්‍ෂ දෙකක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 5 කට ආසන්න ආධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.
නෞකාවේ සිද්ධියෙන් ආපදාවට පත්වූ කොළඹ, ගාල්ල ගම්පහ, කළුතර, පුත්තලම සහ මාතර යන දිස්ත්‍රික්කවල පුද්ගලයන් 15,000 කට පමණ මෙම මුදලින් වන්දි ලබාදීමට නියමිතය.
ධීවර තහනම හේතුවෙන් එදිනෙදා ජීවනෝපාය කෙරෙහි බලපෑම් ඇති කළ පුද්ගලයන්ට ක්ෂණික වන්දියක් ලබාදීමට මෙම මුදල් යොදාගැනීමට බලාපොරොත්තු වෙයි.
බටහිර වෙරළ තීරයේ විෂ සහිත ද්‍රව්‍ය ඉවත් කිරීමට පළාත් පාලන ආයතනවලට සහාය වීමට මෙම ආධාරය යොදාගැනීමට ද අවදානය යොමු වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාව පට්ටිය පැත්තෙන් "අපටත් දවසක හඳ පායනවා " වැනි උද්යෝගිමත් ගීතයක් ඇසෙන අතර විරුද්ධ පට්ටිය පැත්තෙන් " අන්න අරුන් හොරකම් කරනවෝ... අපිට හොරකම් කරන්න දෙයක් ඉතිරි වෙලා නැතෝ..." යන අඳෝනාව ඇසෙන්නේ අපට පමණමද?
බැසිල් ස‘රුත් ධීවරයෙක් වෙයිද?
" බොහොම පින් මහත්වරුනේ.අනේ ඔය සල්ලි ආණ්ඩුවේ එකෙකුටවත් ගසාකන්න බැරි විදිහට අපට ලබාගන්න සලස්වන්න. හැකිනම් ඔබලාගේ තානාපති කාර්යාලයක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සුදුස්සාට පමණක් මේ මුදල් ලබාදෙන්න.ආණ්ඩුවේ මන්ත්‍රීලා,ඇමතිලා,අගමැති, ජනාධිපති වගේ හොරුන්ගේ අතටනම් මේ සල්ලි දෙන්න එපා.උන් ඒවා හොරා කනවා.මේ සත්තයි." - මිට අන්ත අසරණ ශ්‍රී ලංකාවේ දුප්පත් ධීවරයා.
වාසුගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨවුණා එහෙනම්... වාසු සාස්තරේ හරි.