
(යොහාන් භාසුර)
‘කොරෝනා’ වයිරසය යළි පැතිරීමේ අවදානමක් ඇති බවත් ‘ඩෙල්ටා ප්ලස්’ නැමැති නව ‘කොවිඩ්’ ප්‍රභේදයක් පිළිබඳව ලෝකයේම අවදානය යොමු වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.
නව වයිරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක් තිබීම නිසා ‘කොවිඩ්’ වළක්වා ගැනීමේ උපක්‍රම එකක් හෝ මේ අවස්ථාවේදී මඟහැරුණ හොත් නැවත රෝගය පැතිරීමේ අවදානයමක් ඇති බව කී වෛද්‍ය බටුවන්තුඩාව මහතා රටට නව ප්‍රභේද ඇතුල්වීමට ඇති ඉඩ හේතුවෙන් අවදානම තව දුරටත් තිව්‍රර වන බව ද සඳහන් කළේය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ නියම ලෙස අනුගමනය කරන්නේ නම් ප්‍රභේදය කුමක් වුවත් ආරක්‍ෂාවීමේ අවස්ථාව ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලස් නොවේ ඩබල් ප්ලස් ආවත් අපි බය නෑ. ආයේ කොරෝනා මේ රටේ නම් වානා. සංචරණ සීමාත් අයින් කරනවා. නීතිය තදටම තියෙනවා. ජනතාව නීතී පිළිපදිනවා. ඒ නිසා ඕවා මෙහෙට අදාල නැත...
කොරෝනා වසංගතය මුළු ලොවින් මුලිනුපුටා දමන තුරු මානව වර්ගයාට ගැලවුමක් නැත. එය පාලකයන්ගෙන් කම්කරු පංතිය අතට ගත යුතු ය.
දැන් මේක විලාසිතාවක් කරගෙන මේ අයට රටේ පාලනය හරියටම කරගන්න බැරි අයම කොරෝනා කොරෝනා කියලා බත්බැලයන් ලව්වා බෙරිහන් දෙනවා.