
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එහි විධායක කමිටුවට නොතීසි නිකුත් කළේය.
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි සහ විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සම් ගොනුකර තිබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ, දේශපාලන හා බාහිර බලපෑම් බරපතල ලෙස සිදුවන බවත්, එබැවින්, ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලන ලෙසත් මෙම පෙත්සම ගොනු කර තිබිණි
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල හමුවේ කැදවිණි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු සහ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ, දේශපාලන හා බාහිර බලපෑම් බරපතල ලෙස සිදුවන බැවින්, මීළඟ නිලවරණයට පෙර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා නීතිමය වෙනස්කම් සිදුවිය යුතු බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.එබැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් ට නියෝග කරන්නැයි ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියෙට් නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය මිල්හාන් මොහොමඩ් යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම පෙත්සම ලබන මාර්තු 15 වැනිදා කැඳවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්... නමුත් මුත්තයියා පෙත්සම දාපු පැත්තේ ඉන්න එක අවුල්. රටට කීර්තියක් ගෙනාව ක්‍රීඩකයෙක්.. නමුත් ඔහුගේ දේශපාලනය මොකද්ද කියලා අපි දන්නවා.
ඉතා හොඳ වැඩක්. මේ ක්‍රමය නැවැත්විය යුතුයි.
දැන් සිදුවන්නේ කමිටු දැමීම, කමිටු ප්‍රශ්න කිරීම, ව්‍යවස්ථාව සකස් කිරීම, නඩු මගට බැසීම හැර ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කිරීම නොව... මෙය රටේ මිනිසුන්ගේ බදු මුදල් විනාශ කිරීමක් පමණි. දැන් කළයුත්තේ කෙනෙකුට ක්‍රිකට් ගැසීමට අවශ්‍ය නම්, එය තමන්ගේ පුද්ගලික මුදලින් සිදු කරන්නට ඉඩදී, මහජන බදු මුදල් මෙවැනි දෙයකට වියදම් කිරීම නැවැත්වීමයි...
මුරලි ඉන්න නිසා වැඩේ ගැන අවිශ්වාසයි. වරාය වෘත්තීය සමිති වගේ අපිව යවන්න හදනවා වගේ...
මේ අය කවුද කියලා හොයලා බලපුවාම කට්ටියම එකතුවෙලා අපිව අන්දවන්න වගෙයි හදන්නේ...
හරි නම් රටේ මිනිස්සු ගිහින් නඩුවක් දාන්න ඕනේ මහජනතාවගේ බදු මුදල් අත්තනෝමතිකව වියදම් කරන මේ ක්‍රිකට් ආයතනය වහලා දාන්න කියලා...
බිස්කට් මහත්මයා ඉන්නවා නම් ඕක ගැන වැඩිය හිතන්න එපා.. බේබිලාට, හාමුලාට අහිතක් වෙන දෙයක් එයා කරන්නේ නෑ.. කුකුළු මස් මුදලාලිලා දෙන්නත් ඒ ජාතියේම තමයි..