
(යොහාන් භාසුර)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන වසරේ රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොටුම්පත සකස් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපතිතුමා පත්කළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කමිටුව වැඩ අවසන් කර ඇති බවත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කරන අයවැය පිළිබඳ අවසාන ඡන්දය දෙසැම්බර් 10 පැවැත්වීම නිසා 2022 ජනවාරි මාසයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අවදානය යොමු කිරීමේ හැකියා ලැබෙන බවත් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20වැනි සංශෝධනය කියලා එක මගුලක් ගෙනැල්ලා රටට කරන්න පුළුවන් ලොකුම හානිය කළා. දැන් අලුත් ව්‍යවස්ථාවක් කියලා තව මොන වසුරු ගොඩක් උස්සන් ඇවිල්ලා අපේ ඔලුවට දාන්න හදනවද දන්නේ නැහැ. කල්පනාවෙන් ඉන්න. මේ ඔක්කොම අත්තන ඇටයි, දෙයියන්ගේ හාලුයි එක්ක අමුත් කාලා වගේ ඉන්නේ...
ද්විතව පුරවැසි භාවය තිබෙන කිසිවෙකුට ලංකාවේ ප්‍රාදේශීය සභාවකටවත් තරග කරන්න හෝ ඇතුල් වෙන්න අවසර නොදෙන්න.
ද්විත්ව පුරවැසිකම නුසුදුසු වීම වගේම පවුල් පාලනය දුරු කිරීම ගැනත් සිතිය යුතුයි
බලන කොට ව්‍යවස්ථාව පමණක් නොවෙයි පාලනයත් සුද්දටම තිබුනානම් ඉවරයි. මෙහෙම කියනකොට වහල් මානසිකත්වය කියල කියන්නත් පුළුවන්. නමුත් අපේ පාලනය ඒ තරමටම දුර්වලයි. සුද්දා යනවිට භාණ්ඩාගාරයේ මුදල් තිබුන. ණය තිබුනේ නෑ. එවැනි පාලන තිබුණු හොං කොං වැනි රටවල් විශාල වශයෙන් දියුණු වී තිබෙනවා. අවුලක් නැතිව පාස්පෝර්ට් වලින් මිට වඩා පහසුවෙන් ඒ ඒ රටවලට යන්නත් පුළුවන් . දැන් අපි විසින් අපිම කාගන්නවා. එවැනි පාලකයෝ පත් කරලා තියෙන්නෙත් අපිමයි.
පළාත් සභා අහෝසි කරන රෙගුලාසි ඇතිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකසා ජන මතය විමසා සම්මත කරන්න.