
(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට සුනඛයෙකු රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගන්නා ලද දෙදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (23) නියෝග කළේය.
මෙසේ දඩ නියමවුයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් හටය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි මොවුන් දෙදෙනා වනෝද්‍යානය ඇතුළත පිහිටි තෘණ භූමියක් තුළට නිවසේ ඇති කරනු ලබන සුනඛයෙකු රැගෙන ගොස් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් වීසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෙක් ගෙනිච්චාට දඩ.. අලියෙක් මැරුවා නම් නිදහස්...
බල්ලෙක් අරන් ගියා කියලා ඔහොම දඩගහනවද? රටේ මේ වෙලාවේ තිබෙන ආර්ථික ප්‍රශ්න දන්නවද? ඇයි මිනිස්සුන්ට කරදර කරන්නේ? විකාර තමයි.
හෝටන් තැන්නට සුනඛයෙක් ගෙනිච්චට හතලිස් දාහයි දඩය.
දඩය මදි.. ලක්ෂයක් වත් ගැසුවා නම් තමයි හොඳ.. මේ ගොල්ලෝ මගුල් ගෙවල්වලත් බල්ලන්, පූසන් අරගෙන යනවා ඇති.