
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිවෙසේ සිට රැකියාවල නිරත වීමේ සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
මේ අතර මේ සතියේ කොවිඩ් රෝගී සංඛ්‍යාවේ සහ මරණ සංඛ්‍යාවේ පොඩි වැඩිවීමක් දක්නට ලැබෙන බවද ඇය කීවාය.
පවතින තත්වය යටතේ තවදුරටත් රට වැසීමක් බලාපොරොත්තු විය නොහැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය සියලු දෙනා එකතුවී හැසිරීම් පාලනය කරගත යුතු බවද කීවාය.
රෝගය ඉවරවුණා යැයි කිසිසේත්ම කිව නොහැකි බව ගුණරත්න මහත්මිය වැඩිදුරටත් කීවාය
COMMENTS
අනේ මොනවද මෙි කියන්නේ? ඉස්කෝල පටන් ගන්න යන්නේ. එතකොට ඒවට මොකද වෙන්නේ? ඔන් ලයින් හොදටම ඇති දැන්.
ඉතින් නෝනා ඕවා පත්තර වලට කිය කියා ඉන්නේ නැතුව අදාළ තැන වලට නිර්දේශ කළා නම් ඉවරයිනේ ?සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙයි ,අමාත්‍යංශයෙනුයි පහල ඉඳන් ඉහලටම ඉන්නේ ඔයාලාගේ කට්ටිය නේද ?පත්තරේ දැම්මා කියලා අපි මොනවා කරන්නද ?ජනතාව කුලප්පු කරන්නවත් හිතුනද?
මේ අය දන්නා කෙහෙල් මලක් නැහැ
ඩොක්ට,නිවසේ සිට වැඩකිරීම කරන්න පුළුවන් උනත් කොම්පැනි වල ලොක්කෝ මිනිස්සු කාර්යාල වලට ගෙන්නනවා..එකපාරටම ඊයේ කොළඹ සෙනග වැඩිවුන හැටි දැක්කද....කෝච්චි ,බස් පිරෙන්න සෙනඟ ...සැලකියයුතු ප්‍රමාණයක් මෙච්ච්ච්ර කාලයක් නිවසේ සිට වැඩ කරපු කට්ටිය..ඔෆිස් වල ලොක්කෝ කොවිඩ් ගැන නෙවයි බලන්නේ ..කොම්පැනි වල මානව සම්පත් කළමනාකාරිත්වයට ඕන උදේ 8.30 ඇගිල්ල ගහල හවස 5 ට අවුට් එක ගහන්න...අනික ඔබ කියන කතාව හරි ...කට්ටිය හිතන් ඉන්නේ වැක්සින් එක ගැහුවම ආයේ හැදෙන්නේ නෑ කියල ලෙඩේ..පුලුවන්නන්ම් මේක සිකුරාදා නිකුත් කරන මාර්ගෝපදේශ කමිටුවට දාල අනිවාර්ය කරන්න...නැත්තන් ඉස්සරහට ආපහු ළමයින්ට ඉස්කෝලේ යන්න නැතිවෙයි මහා මිනිස්සුන්ගේ මෝඩකම් නිසා
කෝ අර රට වහන්න කියල පස් කාපු යූනියන් කාරයෝ ටික. තමන්ගේ දේශපාලනය , හොර සල්ලි කුට්ටි,වෙනුවෙන් රටක ප්‍රජාව අපහසුවට පත් කරන්න පුළුවන් පිරිමි නර්ස් (සතියක් පාර්ලිමේන්තු ගිහින් කෝටි 2ක පර්මිට් අරගෙන ජනතා සේවය කරන ) ,එම්.එල්.ටී එකේ යූනියන් කාරයෙක් කියාගන්න කුමුදේශ්.. තව පාරක් වැඩි වෙනකල් ද බලාගෙන ඉන්නේ ...............
ඔව් එහෙම කරමු .දැන් හාල් ගේන්නෙත් පිට රටින් ?හාල් කිලෝ එකක් දැන් කීයද ?දැන්වත් ඔය බොරුව නවත්වන්න තමන්ට ලැබෙන වරප්‍රසාධ ගැන හිතලා රටම විනාශ කරන්න එපා