ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයේදී වෙඩි තැබීම කළ පුද්ගලයා නම නැවත නොකියන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඞ් ආර්ඞ්න් ප්‍රකාශ කළාය.
“ඔහු ඔහුගේ ත්‍රස්ත ක්‍රියාවෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. ප්‍රසිද්ධියට පත්වෙමින් ඔහුගේ ක්‍රියාවට ප්‍රසිද්ධියක් ලබාදීමට උත්සාහ කිරීම එයින් එකක්. ඒ නිසා මා නැවත කිසිදු දිනෙක ඔහුගේ නම කියන්නේ නැහැ. එයි සිදුවෙන්නේ නැහැ” යැයි නවසීලන්ත පාර්ලිමේන්තුවේදී ඉතා සංවේදී කතාවක් කරමින් අගමැතිනියා කීවාය.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් දේවස්ථාන දෙකක පසුගිය සිකුරාදා සිදු වූ වෙඩි තැබීම්වලින් 50 දෙනකු මරුමුවට පත්ව තවත් පිරිසක් තුවාල ලැබූහ.
වෙඩි තැබීම කළ පුද්ගලයා ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරැන්ට් නමින් හැඳින්විණි. වයස අවුරුදු 28ක් වන එම පුද්ගලයා සුදු අන්තවාදියකු යැයි පැවැසුණු. ඔහුට ඝාතන චෝදනා එල්ල වී තිබේ.
“මම ඔබ සියුල දෙනාගෙන් අයැද සිටිනවා. වෙඩි තැබීමෙන් ජීවිත අහිමි වූවන්ගේ නම් කියන්න. ඔහු ත්‍රස්තවාදියෙක්. ඔහු අපරාධකරුවෙක්. ඔහු අන්තවාදියෙක්. ඉදිරියටත් ඔහු එසෙමයි. මම කතා කරද්දි ඔහුගේ නම කියන්නේ නැහැ. නමක් නැති පුද්ගලයෙක්” යැයි නවසීලන්ත අගමැතිනිය කීවාය.
බී.බී.සී. ඇසුරිනි
055
COMMENTS
මේ සියල්ල ඇගේ පුද්ගලික මත ඒවා ගණන් ගත යුතු නැත. තලෙයිබාන් කාරයෝ අන්තවාදී වැඩ කරනවානම් මේ පුද්ගලයාගේ අන්තවාදී වැඩ ගැන මෙපමණ කතා කරන්නේ මැය බොළඳ නැතිනම්නි හැඟීම්බර නිසා. මෑන්හැටන් හී "ට්වින්ටවර්ස්" වලට පහර දී දහස් ගණනක් ඇමරිකානුවෝ මැරුවේ මුසල්මානු අන්ත්වාදියෝ බව මැයට අමතක වෙලා. මේ ප්‍රහාරය සම්බන්දව ඇමරිකානුවන්ගේ අදහස් කියවන්න ලැබුනේ නැහැ.
අති දක්ෂ අගමැතිනිය
කෙලින් තම නිවැරදි අදහස් ප්‍රකාශකරන අගමැතිතුමියක්... එ්ත් අපට ඉන්නේ තණකොළවලට ඇල්ම තියන ගව රංචුවක්නේ...
අපේ අය නම් කුණුරසට හරි කැමතියි. ඩුබායි හිරේ ඉන්න කුඩුකාරයන්ගේ මානව හිමිකම් ගැනත් දැන් කතාකරනවා.
ඕනෑම මජර වැඩක් කරලා කාගේ හරි නමකට පන්ගාර්තු කරන අපේ රටවල දේශපාලනඥයින්ට ඔබ ආදර්ශයක්...
අපේ රටේ නම් නමට මහත්මයා කෑල්ලත් එකතු කරනවා... ප්‍රභාකරන් මහත්මයා වගේ, ලොකු නෝනලා තමයි කියන්නේ...
ඇත්තට මොන තරම් තත්ත්වයක් තියන මනුස්සයෙක්ද... මෙහෙම මිනිස්සු තමා දේශපාලනයට අවශ්‍ය.. ඒකට හරියන්න අපේ ලංකාව.. අනේ මොකට කියනවද? මිනිස්සුන්ගේ ආකල්ප කියන දේ බලන්න මොන තරන් ඉහල තැනක තියනවද කියල... ඒකනේ ඔය රටවල් දිනෙන් දින දියුණු වෙන්නේ.. රටක සිටින ඉහල මිනිහගේ ඉදන් ඒ රටේ සමස්ත මනුස්ස වර්ගයම ඔහොම හිතන්න පතන්න හුරු උනහම ඒ රටවල් දියුණු වෙනවා..
මෙතුමියගේ සානුකම්පිත හැසිරීම සහ මානවවාදී ක්‍රියාකලාප සෙසු රාජ්‍ය නායකයන්ටත් මහඟු පූර්වාදර්ශයක්.. විශේෂයෙන්ම පහත් පෙළේ අදහස් තියෙන ට්‍රම්ප් වැනි නායකයන්ට හොඳ පාඩමක්... තවත් අතකින් සලකනවිට උසස් තත්ත්වයේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක්.. ඇතැම්විට ලෝකය පුරාවට ආගමික සිද්ධස්ථානවලදී මතුවට සිදුවන්නට ඉඩ ඇති පිළිගැනීමේ ප්‍රහාර වැලක්ම වළක්වාලීමට තුඩු දෙන්නක් වන්නට බැරි නැහැ. කොහොම නමුත් ජසින්දා අග්‍රාමාත්‍යතුමිය 2019 සාමය සඳහා වන නොබෙල් ත්‍යාගය ලබන්නට සුදුසුකම් ලබා තියෙන බව කිව හැකියි...
නවසීලන්ත අගමැතිනියගේ මතය හරියටම හරි.. අපේ රටේ තමයි අයි. ආර්. සී කාරයින්ගේ , හොරුන්ගේ ,කුඩු කාරයින්ගේ .. ත්‍රස්තවාදීන්ගේ නම් කියවමින් උන්ව සමාජයේ ලොකු තරාතිරම් වලට පත්කරලා ලෝකයට හඳුන්වා දෙන්නේ... නවසීලන්තය, නීතිය .. අධිකරණය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන රටක් බවට මේ.. අගමැතිනිය විසින් තවදුරටත් තහවුරු කරලා තියනවා.. මෙව්වා අපේ " පොල් බූරුවන්ට" හොඳ පාඩම්..!
හරි නිසාර් මහත්තයෝ ඔයාට කියන්න පුලුවන්ද ලෝකේ 99.99% ක් ත්‍රස්තවාදීන් මුස්ලිම් වුනේ මොකෝ කියලා. එක අහඹුවක්ද කියමුකෝ බලන්න.
අගමැතිනිය නම් නොකියන ත්‍රස්තවාදියා මුස්ලිම් විරෝධී පමණක් නොවේ. ඔහු සංක්‍රමණික සියල්ලන්ටම විරුද්ධ මතවාදී අයෙක්... ඔහුගේ ක්‍රියාව මෙම නගරයේ අප සියලුදෙනා මෙන්ම රටවැසියන් සියලුදෙනා පිළිකුලෙන් හෙලාදකින්නෙමු. ශ්‍රී ලාංකික සමහරක් මෙය වීරක්‍රියාවක් බවට හා එයින් සතුටට පත්වන අන්දමේ අදහස් දැක්වීම ඉතාම කණගාටුදායකයි...
බමුණුආරච්චි මයා වෙත.. ලංකාවේ ඔබේ ඉතිහාසය පටන් ගන්නේ 1505 සිටයි. ඒ නිසා ඔබේ අනිත් අදහස් සේරම නිෂ්ඵලයි. දැන් සමහරවිට ඔබ ආගම වෙනස් කරගෙන ඇති... ඒ ගැන සතුටුයි. නමුත් අර පරණ පුරුද්දට වෛරය, ද්වේශය, යනාදී අබෞද්ධ ගුණාංග තවමත් ඔබතුළ විද්‍යමාන වෙනවා. ඔබ දරන අසුභවාදී සහ අන්තවාදී අදහස්වලින් එය පෙනෙන්නට තියෙනවා…. ඔබ පමණක් නෙවෙයි…..ඔබලාගේ හුඟක් දෙනකුට ඔය රෝගය තියෙනවා……අවිහිංසාවාදය දෙසන බෞද්ධයන් අතර වෛරී අදහස්වලට ඉඩක් නැහැ… අනුන්ගේ ඛේදයකදී අනේ අපොයි කියලා කම්පාවට පත්වීම බෞද්ධ සහජ ගුණාංගයක්... ඒ ගුණය ඔබ ළඟ නැහැ. ඒක ඔබගේ වරදක් නෙවෙයි.. ආරයේ වැරැද්ද...මම වැරදිද?
අනේ බමුණෝ අපේ දේශපාලක උදවිය පොඩි දරුවන් අල්ල අල්ල උම්මා දෙන්නේ, රටේ ලොක්කෝ දරුවන් පිරිවරාගෙන උත්සව වෙත එන යුගයක් තිබුනෙම නැද්ද? ළමයින්ගේ රගර් ක්‍රීඩා බලන්න ප්‍රසිද්ධ අම්මලා ගියේ නැද්ද? මේ කාන්තාව දරුවාට කිරි දෙන්න අවශ්‍ය නිසා රාජකාරි තැනට පොඩි ළමයාව අරන් ගියාම ඒක ගැලපෙන්නේ නැහැලු. හැඟීම්බර වීමක්ලු... බමුණු කට ඇරියොත් කාගේ හරි ඇහේ රොඩ්ඩක් දකින්නේ තමන්ගේ ඇහේ පරාල නොදැක...
බමුණුආරච්චි යනු පාරම්පාරික බමුණන්ගේ අදහස් ඇති බමුණෙක්මය...
susantha මහතාගේ ප්‍රශ්නයට නිසර් මහතාගෙන් පිළිතුරක් නොලැබුණු බව පෙනෙයි.. ඒ නිසා ඔබ තවමත් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මම දන්නා තරමින් ඉතා කෙටියෙන් කියන්නම අහගන්න.. මෙයට මූලික හේතුව ආගමික නෙවෙයි... දේශපාලනිකයි… එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 දී සියලුම බටහිර රටවල් එකතුවෙලා මුස්ලිම් රාජ්‍යයක් වූ පලස්තීනය තුල යුදෙව් රජයක් [ඊශ්‍රායලය] බලහත්කාරයෙන් පිහිටුවලා එය ශක්තිමත් කරගනිමින් තදාසන්න සියලුම මුස්ලිම් රාජ්‍යවලටම තර්ජනයක් ලෙස හැසිරීමයි… එකී යුදෙව් රජය විසින් එතැන් සිට පලස්තීනුවන්ට කරන හිරිහැර සෙසු මුස්ලිම් රාජ්‍යවලට හිසරදයක් වීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙහිදී කිසිම දෙයක් කරගත නොහැකි වීම නිසා අදාළ පාර්ශවවල ත්‍රස්තවාදයට නැඹුරු වුණා… එය ඔඩු දුවගෙන ගොහින් වත්මන් තත්වයට පත්වෙලා… ඔය කිව්වේ කෙටියෙන්...
නවසිලන්ත අගමැතිනියට මේ පිරිස තාම රට ආක්‍රමණය කරනවා කියල තාම තේරිලා නැහැ වගේ. මේ කට්ටිය ලෝකයටම තර්ජනයක්, කොයි රටේද ප්‍රශ්නයක් නැතුව සාමයෙන් ජීවත් වෙන්නේ. ඉන්නේ කොතනද එතන ලේ හැලෙනවා. අනිත් ජාතින් අබිබවා ඉස්මතුවීමටයි නිතරම උත්සහ කරන්නේ. මුලින්ම ජාතිය විසාල වශයෙන් බෝ කර තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ඉන් පසු තමයි ආරවුල් ඉල්ලන්නේ.
බමුණුආරච්චි නම් කෙනාත් නවසීලන්ත ප්‍රහාරකයා වැනිම ත්‍රස්තවාදී අදහස් ප්‍රචාරය කරන්නෙක්.....
ඔවුන් ඔවුන්ගේ රටේ ප්‍රශ්න හොදින් විසදා ගනීවි. අපි අපේ ප්‍රශ්න ගැන විද්වත් විදියට සාකච්චා කර විසදා ගත යුතුයි. ප්‍රශ්නයක් වුනහම එය දේශපාලනීකරණය හෝ ආගමකරණය කර හෝ උතුර දකුණ ලෙස නොදැක , එම ප්‍රශ්නය ගැන බලනවානම් අපිට ගොඩක් ගැටළු විසදා ගන්න පුළුවන්. බොහොමයක් මුස්ලිම්වරුන් හොදයි, ඒවගේම බොහොමයක්, ක්‍රිස්තියානි අයත් හොදයි, ඒවගේම බොහොමයක් බෞද්ධයොත් හොදයි.. අපි ඔවුන් එක සේ එකතුවෙලා රට ගොඩ නගමු..
රසිකා මා ඔබට එකගය