(ඩයනා උදයංගි සහ ළහිරු හර්ෂණ)

තෙදිනක් තිස්සේ දිවයන පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අද(17) අලුයම 4.00න් ඉවත් ඉවත් කල නමුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ම්ලදී ගැනීම ආදී කටයුතු සඳහා මෙම මස 31 වැනිදා තෙක් නිවසෙන් බැහැරට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අංකය අනුව වේ.

එසේ යා හැ‍ක්කේ ද නිවසේ එක් අයෙකුට පමණක් වන අතර ඒ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණක් මෙම අවසරය හිමිවේ.

ඒ අනූව අද(17) එම අවස්ථාව හිමිව ඇත්තේ සිය ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව අවසාන අංකය ඔත්තේ ඉලක්කමක් (1,3,5,7,9) ඇති අයට පමණි.

ජනතාව ඒ ආකාරයට කටයුතු කරන්නේ ද යන්න සෝදිසි කිරීමේ පොලිස් මෙහෙයුම් දිවයින පුරා අද දින පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබිණි.

පිටකොටුව වේල්ල වීදිය පොලිස් අථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි මහතා ඇතුළු නිළදාරීන් එසේ පැමිණි පිරිස් පරීක්ෂාවට ලක්කෙරූ අයුරු ඡායාරූපවල දැක්වේ.