IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාවලපිටිය නගර සභාපති සමග 7 ක් බූරු ගහලා අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)       
               

නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි අද(30) අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
 
නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ඔහුගේ සමීපතම හිතවතුන්  7දෙනෙකු ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව සංචාරක හෝටලයක නිරොධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් බීමත්ව මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩා කරමින් සිටින බවට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථාන වල නිලධාරින් එකාබද්ධව වැටලිමක් සිදු කර සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
 
වැටලිම සිදු කරන අවස්තාවේ මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කිරිමට භාවිතා කල මුදල් , රා බෝතල් කිහිපයක්  සහ සභාපතිවරයාගේ පුද්ගලික වාහනය සහ ඔශුගේ හිතවතුන් පැමිණි මොටර් රථ දෙකක්  පොලිස් භාරයට ගෙන ඇත.
 
වැටලිම සිදු කරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගිය බවත්, එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බව හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීහු කියා සිටියහ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර  සංචාරක හෝටලයේ මුරකරුද වන අතර , සෙසු සැකකරුවන් නාවලපිටිය , නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය , සහ හැටන් ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් (01) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (17)

නාවලපිටිය නගර සභාපති සමග 7 ක් බූරු ගහලා අත්අඩංගුවට

ධම්ම Thursday, 30 April 2020 05:53 PM

දේශපාලකයින් හැසිරෙන්නේ නීතිය ඔවුනට පහලින් ඇති අයුරිනි. මේ සංස්කෘතිය වෙනස් කල යුතුව තිබේ.

:       0       216

BamunuarachchiFriday, 01 May 2020 03:13 AM

හිතන්න ඇති මම සභාපති නිසා පොලිසිය මාව අල්ලන්නේ නැහැයි කියලා. මතක තියාගන්න මේ සිරිසේන හෝ මහින්ද නොවෙයි මේ ගෝඨාභය...

:       0       0

siripalaFriday, 01 May 2020 10:15 AM

උත්තරය නන්නාදුනන තුවක්කුකරු. ඔලු කටු කුඩු වෙන්න තියන්න ඕනා.

:       0       0

lalithm Thursday, 30 April 2020 06:41 PM

බුරුවෙකුට මහත්තය කියන්නේ මොකද? බුරුවට බැනල වැඩක් නැහැ බුරුව පත් කරගත්ත බුරුවන්ට තමයි ගහ ගහ පාඩම් කියා දෙන්න ඕනේ.

:       0       155

සරත් Thursday, 30 April 2020 09:46 PM

බූරු ගහන එක සහ ඇඳිරි නීතිය කඩකිරීම දෙකම වැරදියි. දඬුවම් දියයුතුයි. ප්‍රශ්නයක් නෑ. නමුත් මේ බිලියන් ගණන් ගැහිලිවලට මොකවත්ම කථාවක් නැති එකයි ප්‍රශ්නය.

:       0       0

Mahee Thursday, 30 April 2020 09:55 PM

මෝඩකමනේ. බූරුවා ගහන්න කලින් පක්ෂෙ මාරුකරලා හිටින්න එපායැ.

:       0       0

Chandana - Australia Thursday, 30 April 2020 11:43 PM

කවුරු කලත් වැරැද්ද වැරද්දමයි. එහි කිසි විවාදයක් නැත. නමුත් මෙම ලිපියේ (එජාප) යන්න පැහැදිලිව සටහන් කර ඇති අතර කලින් ලිපියක පොහොට්ටුවකු ගැන සදහන් කරද්දී ඔහුගේ පක්ෂය සදහන් කර නොතිබුණි.

:       0       0

damith Friday, 01 May 2020 01:11 AM

මේ වගේ නුගත් ගමේ ගොඩේ චන්ඩි දේශපාලකයෝ විදිහට පත් කරන බූරුවෝ නිසා ඩොලර් එක 200 ට නෙවේ 400 ට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ. පොඩ්ඩක් හරි හිතන්න පුළුවන් හරි මිනිහෙකුට හරි චන්දෙ දෙන්න පුළුවන් එකෙක් ඔය ලිස්ට් එකේ ඉන්නවද?

:       0       0

Naushi Friday, 01 May 2020 02:09 AM

බූරුවන් ටිකක් බූරු වැඩක් කර ඇත..

:       0       0

Kamal Friday, 01 May 2020 02:10 AM

නිරෝධාන නීති උල්ලංඝනය කරමින් එක්කෙනෙක් කට්ටිය පිරිවරාගෙන ආගමික කටයුතුකලා නේද පහුගියදා...?

:       0       0

Samitha Senaka Aluthgamage. Friday, 01 May 2020 03:02 AM

නිරෝධායන නීති කැඩුවාට මොවුන්ට දඬුවම් දිය යුතුමයි. ඒත්, මේ රටේ පොලීසිය පවතින රජයේ සබඳකම් තිබේ නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් දක්වනවා. පසුගිය රජය කාලේදීත් මෙය සිදුවුනා. මේ කාලෙත් එහෙමයි. පොලීසිය ඇතුලටම ඇවිල්ලා ප්‍රධානියාට ගහන්න හදපු කසිප්පු මැරයන්ව හා කහකඩයාව දෙකක් දීලා කුඩුවේ දාන්න පුළුවන් එක පිරිමියෙක් පොලීසියේ හිටියේ නැහැ. තව ඕනෑතරම් දේ තියෙනවා. මා දේශපාලනය කතා කරනවා නොවෙයි. නීතිය සැමට සාධාරණ වියයුතුයි.. එසේ නොමැති නම් නීතියෙන් හා පොලීසියෙන් ඇති ඵලය කිම?

:       0       0

Bamunuarachchi Friday, 01 May 2020 03:10 AM

නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා? එහෙමත් මහත් වරුත් ඉන්නවද? දුවලා ගිහිල්ලා පොලිස් ජීප් එකේ සීට් එකක් අල්ල ගත්තේ නැද්ද? කලින් සැරේ පොලිසියට ගෙනියන කොට ගියේ හිටන්ලු.

:       0       0

රවින් Friday, 01 May 2020 04:44 AM

බුරු දේශපාලුවෙක් නේද? බුරුවෙකුට අන්දලා මුහුණ හොඳට පෙනෙන්න තියලා පාර අයිනේ ගහක ගැටගහන්න. අවශ්‍යයි හැගේනම් තණකොළ ටිකක් ලඟට කිට්ටු කරන්න.

:       0       0

jayath Friday, 01 May 2020 05:12 AM

ඒ කතාව නම් සහතික ඇත්ත... බලන්න ලබන පාර අපේ ගොන් තකතීරුවො මූව වැඩිම මනාපෙන් 225 හේ පට්ටියට යවන්නේ නැත්ද? කියල ලංකාවේ හැමතැනම උනේ ඕක නෙව...

:       0       78

Ruwan Friday, 01 May 2020 06:05 AM

ඕකනම් ඉතින් මොකද්ද ? අගමැති කෙනෙක් හිටියා සුනාමි සල්ලි හොරා ගත්තා. ඊළග එක්කෙනා මහා බැංකුව සුද්ද කරා. ඊටත් පස්සේ ජනතා සල්ලි සොහොන් හදලා අව්භාවිත කරලා ලොකුම පුටුවට ආවා. දේශපාලකයෝ ගැන තව උදාහරණ ඕන නෑ.

:       5       319

ravi Friday, 01 May 2020 07:12 AM

බුරුවෝ ඉතින් , බුරුවා ගහන්නේ නැතුව වෙන මොනවා ගහන්නද ..?

:       0       45

Wije Saturday, 02 May 2020 01:52 AM

අනිවා සභාපතියා කොටලුවෙක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site