


(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය නගරයේ ග්‍රැන්ඩ් හෝටලයට පිවිසෙන ප්‍රධාන මාර්ගය අසල පිහිටි තවත් ප්‍රධාන හෝටලයක් ඉදිරිපිට තිබු වසර 135 කට වඩා ඉපැරණි සයිප්‍රස් ගස් දෙකක් අද (28) දින කපා දැමිමට එරෙහිව පරිසර හිතකාම් තරුණයන් පිරිසක් විරෝධතාවයක නිරත වුහ.
එම සංචාරක හෝටලයේ රථ ගාල අසල තිබු සයිප්‍රස් ගස් පහක් එකම රටාවකට මිය ගොස් ඇති බවත් මෙය ඉතා සැලසුම් සහගතව එම ස්ථානයෙන් ගස් කපා ඉවත් කර එම හෝටලයේ රථ ගාල පුළුල් කිරිමට කිසියම් පිරිසක් විසින් ඉතා සුක්ෂම ලෙස මෙය සිදු කරන බව විරෝධතාකරුවෝ පවසති.
එලිසෙබඩ් මහ රැජින සිහි කිරිම පිණිස නුවරඑලිය නගරය පුරා සයිප්‍රස් ගස් ගණනාවක් රෝපණය කර තිබු අතර , එම හෝටලය ඉදිරිපිට තිබු ඉතා විශාල සයිප්‍රස් ගස් දෙකක් මිට ප්‍රථම එම හෝටලයේ පාලන අධිකාරිය විසින් කපා දමා තිබෙන බව ඔවුහු කියති.
මිට ප්‍රථම එම ස්ථානයේ තිබු සයිප්‍රස් ගස් කිහිපයක් කපා ඉවත් කිරිම සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා වෙත කරන ලද පැමිණිල්ලක් මත මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉපැරණි ගස් කපා දැමීම සම්බන්ධයෙන් ආයතන වලින් පුර්ණ අනුමැතියට යටත්ව සිදු කරන ලෙසට අදාළ බලධාරින්ට උපදෙස් ලබා දී තිබුණි.
සයිප්‍රස් ගස් දෙකක් කපා දැමිම සම්බන්ධයෙන් අප නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ මිය ගොස් ඇති සයිප්‍රස් ගස් කපා ඉවත් කිරිමට අදාළ සංචාරක හෝටලය විසින් තම ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයෙන් සහ එම ආයතන වලින් පුර්ණ අනුමැතියක් ලබාගෙන ඇති බවයි.
COMMENTS
තාමත් එලෙසබත් දෙවින්නාන්සේව අමතක කරන්ට අමාරුයි වගේ.
කිසියම් රටාවකට සයිප්‍රස් ගස් පහක්ම මියයාම ගැන නම්, කිසියම් කුතුහලයක් ඇතිවෙනවා ...
සයිප්‍රස් ගස් ලංකාවට කෙතරම් උචිතද?
ග්‍රෑන්ඩ් හෝටලය වර්ජනය කරන්න
හෙට අනිද්දා වෙනකොට අපේ පුරාණ දේවල්වලට අබසරණයි.
වසර 100 ට වැඩි පොදු දේපොළ හෙරිටේජ් පෞරාණික ගණයට වැටෙනවා නොවේද.?
මේ යන විදියට ජය ශ්‍රී මහා බෝධියත් කපා දමයිද දන්නේ නැහැ.
මේ ගස් මැරුණද.? මැරුවද.? කියලා සොයාබැලිය යුතුය.
සුන්දර කඳු වලින් වටවුණු නුවර එලිය මිට අවුරුදු 50 ක් 60 කට විතර කලින් ලස්සනට තිබෙන්න ඇති , නමුත් දැන්නම් තනිකරම තියෙන්නේ හැමතැනම ඉවක් බවක් නැතිව ඉදිකරපු කුඩා සංචාරක නවාතැන් සහ ටකරන් කඩ ,ඇල්ල ප්‍රදේශයටත් තව ටික කලකින් වෙන්නේ ඔය ටිකම තමයි.
ඔය විදියට ගියොත් රටේ අලුතින් ගොඩ නැගිල්ලක් හෝ පාරක් හදන්නට බැරි වෙයි. මේවා නිකම් අර්ථයක් නැති විරෝධතා පමණයි.
අපේ රටේ මහ වනාන්තර හෙලි කරන විට නිහඩව සිටින ඇතැමුන් මෙවන් රටටත් පරිසරයටත් හිතකර නොවන විදෙස් ශාක කපා දමන විට හඩ නැගීම හාස්‍යජනකයි.
පේන විදියට නම් පාර අයිනේම තියෙන ගහක අත්තක් කඩා වැටිලා වගෙයි පෙන්නේ.
නුවර එලියේ අනන්‍ය තාවක් වුනේ ටවුන් එක වටා සිටුවා ඇති මේ සුන්දර ගස් පේලිය....
ඔවා කපන්න ඇත්තේ සුදු අරලිය මල් ගස් වවන්න වෙන්න ඇති... නිකමට කිව්වෙ...
කොහෙද යන්නෙ මල්ලෙ පොල්... මෙතන තියෙන්නෙ එලිසබත්ගේ ප්‍රශ්නයක් නෙවේ. ගස් කැපීම පිළිබඳ ප්‍රශ්නයක්..
සයිප්‍රස්, ටර්පන්ටයින් ගස් තමා කඳුකරයට හෙනේ. කඳුවල තිබුණු කැලෑ එළිකරලා තේ සහ මේ වගේ මෙලෝ රහක් නැති, පස නිසරු කරවන ගස් හිටෙව්වා.. අද පොඩි වැස්සටත් කඳුකරය නායයනවා.. උද්ඝෝෂණ කරන්නම ඕනනම් ආන්න සිංහරාජය, විල්පත්තුව ඉවක් බවක් නැතුව කපනවා.. ඒවාට විරුද්ධව විශාල හඬක් නගන්න...
ඡන්දෙන් පස්සේ අබමසරණයි පුතේ....