(ඉන්දිකා රාමනායක)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු නැව්ත කළ භාණ්ඩ අතර සඟවා රුපියල් ලක්ෂ 25 ක කොකේන් මත්කුඩු සහ දුම්වැටි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවන් විසින් මෙම තරුණයාගේ නැව් ගත කළ භාණ්ඩ අතර සඟවා මේවා මෙරටට එවා ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම තරුණයා ඉකුත් ජූලි මස මෙම භාණ්ඩ මෙරටට එවා ඇති අතර, ඊයේ(26) එම භාණ්ඩ නිෂ්කාශනය කර ලොරි රථයකින් කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ නිවසට රැගෙන යන අතරතුරේ දී විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි .
මෙම නීති විරෝධී භාණ්ඩ මෝටර් රථ උපකරණයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ බවත් කොකේන් මත්කුඩු ග්‍රෑම් 53 යි මිලිග්‍රෑම් 510 ක් සහ නීති විරෝධී දුම්වැටි 7200 ක් තිබූ බව ද විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම භාණ්ඩ මෙරටට රැගෙන ආ සැකනරු සහ එම භාණ්ඩ රැගෙන ඒමට ලොරි රථයකින් ගමන්ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
647
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැවෙන් ගෙනා භාණ්ඩ අස්සේ මත් කුඩු සහ දුම්වැටි