(මුදිත දයානන්ද)
රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට නැවත අගමැතිකම ලබාගන්න දෙමළ ජාතික සන්ධානය සහය දුන්නේ ඔවුන් අතර ඇති කරගත් එකඟතාවයකට අනුව බව සුමන්තිරන්ලා කැබිනට් මණ්ඩලය ගැන උතුරේදී කරන ප‍්‍රකාශ අනුව පැහැදිලි වෙනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (16) පැවසීය.
විරවංශ මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු වීරවංශ මහතා මෙසේද පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් හා මාවේයි සේනාධිරාජා මන්ත‍්‍රීවරු දෙන්නා උතුරේ ස්ථාන දෙකකදි වෙන වෙනම කළ ප‍්‍රකාශ දෙකක් අද පුවත්පතක පළවී තිබෙනවා. ඔවුන් දෙදෙනාම කියනවා එයාලගෙන් අහන්නේ නැතිව කැබිනට් මණ්ඩලයට තීන්දු ගන්න බැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයට නැවත බලය ගන්න සහය දීමේදි ඇති කරගත් එකගතාවයන් තමයි මේ එළියට එන්නේ.
සුමන්තිරන්ලා මේ කරන ප‍්‍රකාශ ගැන අපිට අදහස් ගන්න පුලූවන් ඇමති මණ්ඩලය පත් කළ ආකාරය දිහා බැලූවාමත්. කලින් තිබුණ ආණ්ඩුවේ උතුර සංවර්ධන ඇමතිකම දුන්නේ ස්වාමිනාදන් මහත්තයාටයි. ඒ වෙලාවෙන් දෙමළ ජාතික සන්ධානය කියලා තිබුණා ඇමතිකම ඔයා තියාගන්න ඒත් උතුරේ වැඩ කරන්නේ අපි කියලා. ඒකට එතුමා ඒතරම් එකගතාවයක් දක්වා තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ වතාවේ ඇමතිකම් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තමන් යටතේ තිබෙන ඇමතිකම් ගොන්න අතරට උතුර සංවර්ධන ඇමතිකමත් ගත්තේ.
ඒකට මුදල් වෙන් කළාට වැඩ කරන්නේ දෙමළ ජාතික සන්ධානය. ඔවුන්ගේ උවමනාව ඉටු කරන්න තමයි මේ විදිහට කරන්නේ.
පහුගිය දවස්වල ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ලියවිල්ලක් දැම්මා. මේක ව්‍යවස්ථා කෙටුම්පතක් කියලා සුමන්දිරන් උතුරේදී කියා තිබෙනවා. රනිල් මහත්තයා කොළඹදී කියනවා ඒක කෙටුම්පතක් වත් නෙවෙයි කියලා. අපි කියන්නේ මේ තමයි ෆෙඩරල් ව්‍යවස්ථා මුට්ටිය. මුට්ටයට රිදෙන්න ගැහුවේ නැත්නම් ඊළග ප‍්‍රතිපලය පිටිපස්සෙන් එනවා. මේකේ තියෙනවා ඉඩම් බලතල, පොලිස් බලතල,
අධිකරණ බලතල ඉල්ලලා. ඒවා හැම පළාතකටම ඉල්ලන්නේ උතුරට දෙන්න ඕන නිසා මිසක් අනෙක් පළාත්වලට අවශ්‍ය නිසා නෙවෙයි. දැන් මහාසංඝරත්නයට කියන්න ඕන දේවල් ටික දඹර අමිල හිමි ලවා කියවන්න පටන් අරන්. දැන් උන්වහන්සේ මහානායක හිමිවරුන්ටත් තර්ජනය කරන තත්ත්වයට පත්වෙලා. මේ තමන්ට ලැබෙන සන්තෝෂම් වලට තමයි කෑ ගහන්නේ. ඒ අය මොනවා කිව්වත් මේ රට බෙදන්න ඉඩ දෙන්න අපිට බැහැ. අපි මේ ව්‍යවස්ථා උගුල පරාජයට පත් කළ යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට වැළඳිලා තියෙන තමන්ට අවාසි වෙන ඕනෑම දේකට කොරහේ කිඹුල්ලු දකින අසනීපය එන්න එන්නම අසාධ්‍ය වන බවයි පෙනෙන්නේ...
දැන්වත් ඔය ජාතිවාදී, බඩගෝස්තර වාදී දේශපාලනය නවතලා අනාගතේ අපේ දරුවන්ට එකමුතුව, සාමකාමීව ලබාදෙන්නයි තියෙන්නේ...
කට පරිස්සමෙන්! වැඩිය කෑගැහැව්වොත් ඔයාලා දෙන්න පොරොන්දු වෙච්ච එව්වා එළිකරනවා කියලා දෙමල සංධානය කිව්වා නේද?
ටිල්වින් සිල්වා සහෝදරයාගේ දේශපාලන කෘතිය හොරකම් කරලා තුන්මුල්ලේ විමලේ "පොතක්" කියා මගුලක් එළිදක්වා එමගින් පොහොසත් වී, රුපියල් කෝටියක් පැරණි සගයාට ගෙවීමට තිබෙන අතරේ, පෙට්ටි කඩෙන් අමාත්‍යංශයට ඇතුල්වී අසරණ බදු ගෙවන්නාගේ මුදලින් කෝටි ගණන් පිල්ලි ඇරලා ධනවත් වුණා කියා නීතිය ඉදිරියේ වෙව්ලන විමලේ දැන් එයාගේ කතා පෙට්ටිය යලිත් ඇරලා වගෙයි!!! මොකක් හෝ අදාල ඇති හෝ නැති කතාවක් ගොතා මහජන අවධානය එයාගෙන් ඈත් කිරීමට මේ මිනිහා අති දක්ෂයෙක් බව මීට පෙරත් මොහුගේ ජාතික හැඳුනුම්, පාස්පෝර්ට් වංචා වලදී මුළු රටම සක්සුදක් මෙන් දැක ඇත... විමලේ රඟපාන මීලග ජවනිකාව කුමක්ද කියා මුළු රටම බලා සිටිනවා.
හරි මෙයාගේ අදහසට හා දැනීමේ ප්‍රමාණයට මෙයා හරි කියා අපි දැනට උපකල්පනය කරමුකෝ. මෙයා කියන විදිහටම දෙමළ මිනිස්සුත් වැරදියි කියමුකෝ. ඒත් මෙයාලා නිවැරදිද? මෙයාලා තරම් තවත් අය රටේ සිටිනවාද? තමන්ගේ හෙළුව පේන්නේ නැති මේ මිනිස්සු අනුන්නේ හෙලුවට හූ කියනවා. ගල් ගහනවා. අනේ!!! රටකට ගිය කළ... පළමුව තමා හැදෙන්න. පසුව අනුන් සහ රට හදන්න. සිදුවිය යුත්තේ එයයි.
ඔය ඔක්කොටම ඉස්සෙල්ලා වත්කම ප්‍රකාශ කරලා ඉමුද?
කෝ බලන්න තමන්ගේ ළමයි පාසල්වලට දාන..? හොර ලිපිලේඛන හදපු නැති දෙම්ව්පියන් අත උස්සන්න. බැංකු කඩලා නෑ වගේ ඉන්නවා. හොර ගෙඩියා.
ආණ්ඩුවේ කටයුතු වලට කරන ටීඑන්ඒ මැදිහත්වීම නොදකින කොළ රතු අලි කමෙන්ට් දාල තියෙන්නේ උඩින්. තවත් මේ කට්ටිය කියන ඔලමොට්ටල කතාවක් තමා ටී.එන්.ඒ මහින්ද එක්ක එකතුවුණා නම් හොඳා යූ.එන්.පී. එකත් එක්ක එකතු වුණාම තමා නරක කියලා. අපි නම් බලය රැකගන්න රටට එරෙහි කොන්දේසිවලට යටත්වෙන එකෙකුටවත් ඡන්දෙ දෙන්නේ නැහැ...
ඔව් එ්ක අපි දන්නවා නොදන්නේ එජාපයින් පමණයි.. රනිල්ට සහතිකයි ඔහුට මැතිවරණයක් දිනන්නට බැරි බව. කරන්න හදන්නේ රට, ජාතිය, ආගම පාවාදී හෝ බලය ලබා ගන්නයි.
නිදහසින් පසු මොන කාලයේද දෙමළුන් බෞද්ධාගමට විරුද්ධව කතා කලේ? දැන් බය නැතිව කතා කරනවා. මොකද දෙමළුන්ට එජාපයින්ගේ සහයෝගය ලැබෙන නිසා...
"බුදු අම්මෝ ! මෙන්න රට දෙකට කඩනවෝ! ෆෙඩරල් දෙන්න හදනවෝ!! සිංහලය මලෝ!!
රට බෙදන්න දෙන්න බැහැ කියලා රටට ආදරය කරන මිනිහා රටට කරලා තිබෙන වංචා, දූෂණයන් නම් මාරයි ...
දැන් එතකොට ටී.එන්.ඒ එක ඔය ගොල්ලන්ගේ පැත්තට 113 හදන්න ඡන්දෙ දෙන්න ආවානම් කොහොමද ඒ ගැන කියන්නේ? එතකොට ඒ ගොල්ලෝ දේශප්‍රේමී නේද?
2015 ඔබ කියපු විදුලිපුටුව දැන් කෝ? අර මහින්ද රාජපක්ෂව යවන කිව්වේ. මේකත් විදුලිපුටුව වගේ අහිංසක, දුප්පත්, නූගත් ජනතාව රවට්ටන්න දාපු බෝලයක් නේද? නැත්නම් උසාවි තීන්දුව අමතක කරන්න දාපු කතාවක්ද?
මෙවැනි පුද්ගලයන්ගේ පුවත් කියවීමද කාලය කා දැමීමක්...
අදහස් දමා ඇති සියලු දෙනාම යම්කිසි පක්ෂයකට කඩේ යනබව ඉතා පහදිලී. රට ගැන හිතන කිසිම කෙනෙක් නැත. ලංකාවේ අවසානය සෝමාලියාවතත් අන්ත බව පෙනේ. පක්ෂ දෙකට සම්මබන්ධ කට්ටියට මගේ අදහස් දැක කුපිත වෙලා මට බැනල අදහස් දමන බව මම දනිමි.
මෙවා පොදු බහුතරය දරන මත නෙමේ.
මොහු හිතුවා මොහුගේ ලොක්කා පස්ස දොරෙන් රිංගලා අගමැති තනතුර හොරකම් කලාම ගොඩගියා තමයි කියා .. මොවුන් ඔක්කොම දැන් දේශපාලන බිමේ අනාථයෝ
මේ වගේ අය නිසා අද ජනතාවට දේශපාලුවෝ පෙන්නන්න බැහැ. හිරිකිතයි . ලැජ්ජාවක් කියන එකක් දන්නෙත් නැහැ. එක පාරක් ඡන්දෙ දින්නේ කාට පගාව දීලද ? ඒකෙන් වුන විනාසය සුළුපටු නෙමේ. දෙමල සන්ධානය ගන්න බැරි වුන තැන ආයේ ජාතිවාදය. මොනවා කියනවද මේ.
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ විමල් කියන දේට කමෙන්ට්ස් දාන කිසි කෙනෙක්ට සුමන්දිරම් කියන දේවල් ඇහිලා නැහැනේ
ඔව් ඉතින් ඔයාලා තමයි සැබෑ දේශප්‍රේමියෝ. මොන වැඩේ කරන්න ගියත් රට බෙදනවෝ කියලා මරහඬ තලන්න විතරයි දන්නේ.
යන්න.. හොරෙක් බව මුළු ලෝකෙම දන්නවා. ගෑනි හදාගන්නට බැරි එකේ රට හදන්න යනවා. සුදනා වෙන්න යන්නේ හැමවෙලේම...
ඉස්සෙල්ලා අර පාස්පෝට් ලියකියවිලි නඩු ටික විසඳාගෙන ශීලාචාරව කට ඇරියොත් නරකද ? දේශප්‍රේමී වෙන්න කලින් රටේ සිවිල් නීතියවත් දැන ගන්න ඕන නේද ? නැති නම් ස්වාසිලන්තයේත් දේශප්‍රේමය උතුරායනවා අන්න!
"මෙතන ප්‍රශ්නේ තියෙන්නේ විමල් කියන දේටප්‍රතිචාර දාන කිසි කෙනකුට සුමන්දිරම් කියන දේවල් ඇහිලා නැහැනේ" ප්‍රභාකරණට විරුද්දව එක දමිලයෙක් ජිනීවා ගියේ නැත. නමුත් රට බේරා දුන්න රණවිරුවන්ට විරුද්දව සිංහලයන් ජිනීවා ගියේය. එහෙව් සිංහලයන් ඉන්න රටක ඕක පුදුමයක් නොවයි අමාලි?