IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිවිතිගල මැණික් පොළ යළි විවෘත කරයි


 
(අජිත්ලාල් ශාන්තඋදය සහ ආරියරත්න මාමුහේවා)
 
කෝවිඞ් 19 ආසාදිතයෙක් හමුවීමෙන් පසු,  සතියකට වැඩි කාලයක් වසා දමා තිබූ නිවිතිගල මැණික් පොළ නිවිතිගල ප්‍රාදේශීය කෝවිඞ් මර්දන කමිටුවේ උපදෙස් මත අද (17) සිට යළි ව්‍යාපාරික කටයුතු සඳහා නැවත විවෘත කළ බව නිවිතගල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.බී.ඩී. සංජීව කුමාර මහතා පැවසුවේය.

එහෙත් කෝවිඞ් ආසාදිතයන් වැඩියෙන් හමුව ඇති රත්නපුර ඇතුලු ආසාදිතයන් වැඩි ප්‍රදේශවලින් ව්‍යාපාරික කටයුතු වලට හෝ මැණික් අලෙවියට නිවිතිගල මැණික් පොළට නොඑන ලෙස ස්වයං වාරණයක් යොදාගන්නැයි කාරුණිකව ඉල්ලන බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.බී.ඩී. සංජීව කුමාර මහතා සඳහන් කළේය.

නිවිතිගල මැණික් පොළේ කළ අහඹු පීසීආර් පරීක්‍ෂණයකින් බේරුවල ප්‍රදේශයෙන් පැමිණි මැණික් ව්‍යාපාරිකයෙක් කෝවිඞ් ආසාදිත බව පසුගිය 06දා තහවුරු විය.  පසුව වහාම මැණික් පොළ වසා දැමීමට පියවර ගැනුනි.

දිනපතා උදෑසන 07.00 සිට උදේ 09.30 දක්වා පැය දෙක හමාරක පමණ කාලයක් නිවිතිගල මැණික් පොළ පැවැත්වෙයි. ඇහැලියගොඩ, රත්නපුර, කිරිඇල්ල, පැල්මඩුල්ල, ගොඩකවෙල, කහවත්ත, රක්වාන, ඇඹිලිපිටිය, බළන්ගොඩ ආදී ප්‍රදේශවලින් මෙන්ම බේරුවල ආදී ප්‍රදේශ වලින්ද මැණික් ව්‍යාපාරිකයෝ නිවිතිගල මැණික් පොළට පැමිණෙති. දිනකට මෙම මැණික්පොලේ දහස ඉක්මවූ පිරිසක් සංචරණය වන බව ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය.

නිවිතිගල නගරයේ මැද ප්‍රධාන මාර්ග අවට මෙම මැණික් පොළ ක්‍රියාත්මක වූ අතර සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමේ පහසුව තකා පොදු වෙළඳපොලේ වාහන අංගය තුල මැණික් පොළ යළි ආරම්භකරන බවද ඔහු පැවසුවේය.



අදහස් (0)

නිවිතිගල මැණික් පොළ යළි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site