
(යොහාන් භාසුර)
නාවික හමුදාව සහ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහලට ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ප්‍රදානය කළේය.
මෙමගින් එම ප්‍රදේශයේ ජනතාවට රෝහල වෙත පැමිණෙන පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සළසා ගැනීමේ අවස්ථාව ලැබේ.
නාවික හමුදා ‘සමාජ මෙහෙවර’ ව්‍යාපෘතියේ ප්‍රජා සත්කාරයක් ලෙස තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ ඉදිකළ මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය උතුරුමැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් මහතා විවෘත කළේය.
එම විවෘත කිරීමේ අවස්ථාවට මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. විනෝදන් සහ වෛද්‍ය භාග්‍යා වීරවර්ධන මෙනවිය ඇතුළු උතුරු මැද නාවික විධානයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd